Hirunews Logo
%E0%B7%84%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B6%A9%E0%B7%94%E0%B7%80+%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B6%82%E0%B6%9C%E0%B6%BD%E0%B7%9A+%E0%B6%BB%E0%B7%8F%E0%B6%B8%E0%B7%83%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A+%E0%B6%8B%E0%B7%85%E0%B7%99%E0%B6%BD+%E0%B6%85%E0%B6%AD%E0%B6%BB+%E0%B6%8B%E0%B6%AB%E0%B7%94%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%AD%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
Monday, 17 July 2017 - 16:35
හික්කඩුව සුමංගලේ රාමසාන් උළෙල අතර උණුසුම් තත්වයක්
24,658

Views
හික්කඩුව ශ්‍රී සුමංගල විද්‍යාලයේ අද දිනයේ සංවිධානය කර තිබූ හික්කඩුව අධ්‍යාපන කොට්ඨාශයේ රාමසාන් උළෙලට විදුහලේ ආදි සිසුන් විසින් විරෝධය පළකලා.

එම උත්සවය සඳහා ගිංතොට සහිරා විද්‍යාලයේ සිසුන් සහභාගී වීමට නියමිත බවට සැලවීමත් සමඟයි මෙම උණුසුම් තත්වය ඇතිවූයේ.

එහිදී විද්‍යාලයේ ආදි සිසුන් සහ සුමංගල විද්‍යාලයේ විදුහල්පති වරයා අතර දැඩි උණුසුම් තත්වයක් ඇතිවී තිබෙනවා.

ආදි සිසුන් විසින් ප්‍රකාශ කර ඇත්තේ තම පාසලේ මෙවන් උත්සවයක් මීට පෙර සංවිධානය කර නොමැති බවත් බෞද්ධ පාසල් වන හෙයින් තමන් ඊට විරුද්ධ බවයි.

කෙසේ වෙතත් විදුහල්පතිවරයා විසින් එහිදී ප්‍රකාශ කළේ මෙම වැඩසටහන අධ්‍යාපන අමාත්‍යංශය විසින් දරුවන් වෙනුවෙන් සිදුකරන වැඩසටහනක් බවයි.

අනතුරුව එල්ලවූ දැඩි විරෝධය හමුවේ අදාළ උත්සවයට ගිංතොට සහිරා විද්‍යාලයේ දරුවන්ට සහභාගී නොවන ලෙසට සුමංගල විද්‍යාලයේ විදුහල්පතිවරයා විසින් දැනුම් දී තිබෙනවා.

අනතුරුව එම අවස්ථාවට සහභාගී වූ කොට්ඨාශයේ අනෙක් ආරාධිත පාසල් සිසුන්ගේ සහභාගීත්වයෙන් මුස්ලිම් සංස්කෘතික උළෙලක් ලෙසින් එම උත්සවය විදුහලේ පැවැත්වූ බවයි වාර්තා වන්නේ.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
කෙසෙල් ගසේ කඳ මැදින් කැනක් ඇවිත්
Friday, 03 November 2017 - 7:33
හම්බන්තොට කාන්තා මහා සංගමයේ  ගෙවත්තේ ඇති කෙසෙල් ගසක කඳ මැදින් කෙසෙල් කැනක් සෑදී ඇති අයුරු එහි... Read More
News Image
Hiru News Programme Segments
818 Views
3,952 Views
5,712 Views
5,161 Views
87 Views
5,526 Views
Top