Monday, 17 July 2017 - 17:11
මාස 6 දරුවාද තනිකර ගම්පහ සිට අනුරාධපුරයට ආ කාන්තාවගේ අමුතු සෙල්ලම මෙන්න
ණය ගෙවීමට සැමියා ලබාදුන් මුදල් වියදම් කිරිම නිසා නිවසින් පලාවිත් පිරිමින් පිරිසක් සිහිමුර්ජා කරන බෙහෙත් වර්ගයක් අල්ලා තමන්ව වෑන් රථයකින් පැහැරගෙන පැමිණ අනුරාධපුර නගරයේ දමාගිය බවට පොලිසියට මායමක් දැමූ දෙදරු මවකගේ බොරුව අනාවරණය කර ගැනීමට අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යංශයට හැකි වී තිබෙනවා.
ගම්පහ ප්රදේශයේ පදිංචි වයස අවුරුදු 37ක් පමණ වන කාන්තාව පිරිමින් කණ්ඩායමක් විසින් මුහුණට සිහිමුර්ජා කරන බෙහෙතක් අල්ලා තමන්ව පැහැරගන පැමිණ අනුරාධපුර නගරයේ දමාගිය බව පවසමින් අනුරාධපුර මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශයට පැමිණ බාරවී තිබුණු අතර අපරාධ විමර්ශන අංශය කාන්තාවට සිදුවූ අකරතැබ්බය සම්බන්ධයෙන් ප්රශ්න කිරීම සදහා ළමා හා කාන්තා කාර්යංශයට බාරදී තිබුනා.
අනුරාධපුර ළමා හා කාන්තා කාර්යංශයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂිකා ධම්මිකා ද සිල්වා මහත්මියට ඇය සම්බන්ධ යෙන් සැකමතුවීම නිසා පැහැරගත් පිරිස ඇයව දමාගිය ස්ථානය අනාවරණය කර ගැනීමට ඈ සමග පා ගමනින් අනුරාධපුර නගරයේ ගමන්කර තිබෙනවා.
අනුරාධපුර නගරය පුරා ආරක්ෂිත කැමරා සවිකර තිබෙන නිසා සිදුවූ සිදුවීම සටහන්වී තිබෙන බව පොලිස් පරික්ෂකවරිය ඇයට පැවසීම නිසා ඇය ආරක්ෂිත කැමරා මග හරිමින් පොලිසිය නොමග යැවීමට කටයුතු කර ඇති අතර පොලිසියට පැමිණි ආකාරය පොලිසිය ආසන්නයේ සවිකර තිබෙන කැමරා පද්ධතියේ සටහන්ව තිබෙන බව පැවසීම සමග කාන්තාව පැහැර ගැනීමට ලක්නොවු බව පොලිසියට පවසා තිබුනා.
සැමියා විසින් ණය පියවීමට ලබාදුන් මුදල් වියදම්වීම නිසා සිත්කලකිරී මාස හයක්වූ අත දරුවා නිවසේ දමා කනකර සියල්ලම නිවසේ තබා රැකියාවක් සොයා කොළඹ ගිය බව ඇය පොලිසියට පවසා තිබුනා.
රැකියාවක් නොලැබීම නිසා අනුරාධපුර යට පැමිණි බස් රථයක නැගී අනුරාධපුරයට පැමිණි බවත් බස් රථයේදී හමුවූ තරුණ යුද හමුදා සෙබළෙකුට තමන්ට සිදුවූ අකර තැබ්බය පැවසු අවස්ථාවේ නැවත නිවසට යන ලෙස ඔවදන් දුන්බව ඇය පොලිසියට ප්රකාශ කර තිබෙනවා.
නැවත නිවසට ගියවිට ගැටළුවකට මුහුණ දීමට සිදුවන නිසා තමන්ව පිරිමින් කණ්ඩායමක් පැහැර ගත්බවට බොරුවක් ගොතා ගෙන පොලිසියට පැමිණි බව ඇය පොලිසියට පවසා ඇති බව හෙළි වූ බවයි අප වාර්තාකරු පවසන්නේ.
සියළු තොරතුරු අනාවරණය කරගත් පොලිසිය ඒ පිළිබදව කොළඹ ප්රදේශයේ රාජකාරියේ නිරත සැමියාට දන්වා ඇති අතර සැමියා අනුරාධපුර මූලස්ථාන පොලිසියට පැමිණ ඇය බාරගෙන තිබුනා.
නිවසින් පැනගිය අවස්ථාවේ යම් අනතුරක ට මුහුණ දිමට සිදුවූයේනම් ඉන් තමන්ට ගැටළු රැසකට මුහුණ දීමට සිදුවීමට ඉඩතිබූ බව සැමියා පොලිසියට පවසා තිබු අතර තමන් කොළඹ රැකියාවක නිරතවන නිසා බිරිදව දෙමාපියන්ට බාරදීමට කටයුතු කරන බව සැමියා පොලිසියට කියා තිබුනා.