Hirunews Logo
%E0%B6%BB%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B6%BD%E0%B7%8A+3000%E0%B6%9A+%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%B8+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%93%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
Monday, 17 July 2017 - 17:30
රුපියල් 3000ක අල්ලසක් ගත් ග්‍රාම නිලධාරීවරයෙකු අත්අඩංගුවට
9,697

Views
රුපියල් 3000 ක අල්ලස් මුදලක් ලබා ගත් කඩුවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්තව සේවය කරන ග්‍රාම නිලධාරිවරයෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම් සභාව මගින් අද අත්අඩංගුවට ගනු ලැබුවා.

අතුරුගිරිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුගේ සහ ඔහුගේ බිරිඳගේ නම ඡන්ද හිමි නාම ලේඛනයට ඇතුළත් කිරීම සඳහා සැකකරු මෙම අල්ලස් මුදල ඉල්ලා තිබෙනවා.

පසුව ඔහු සිය කාර්යාලයේදී එම මුදල ලබා ගන්නා අවස්ථාවේදී අත්අඩංගුවට ගත් බවයි අල්ලස් කොමිසමේ විමර්ශන අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රියන්ත චන්ද්‍රසිරි කියා සිටියේ.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
ඒ-9 මාර්ගයේ අධික මීදුමක්
Tuesday, 13 February 2018 - 14:26
මේ දිනවල උතුරු ප්‍රදේශයේ  බොහෝ ස්ථානවලට උදෑසන කාලයේදී අධික මීදුම් තත්වයක් පවතින බව වාර්තාවනවා.මෙවැනි... Read More
News Image
Hiru News Programme Segments
2,743 Views
14,545 Views
454 Views
1,216 Views
921 Views
16,006 Views
Top