Hirunews Logo
%E0%B6%B4%E0%B7%94%E0%B6%AD%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B7%84%E0%B7%94%E0%B6%BB%E0%B6%AD%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%96+27+%E0%B7%84%E0%B7%90%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%AF%E0%B7%92+%E0%B6%AF%E0%B7%93%E0%B6%B4%E0%B7%92%E0%B6%9A%E0%B7%8F+%E0%B6%B4%E0%B7%84%E0%B6%BD%E0%B7%80%E0%B7%90%E0%B7%80+%E0%B6%9A%E0%B6%AF%E0%B7%94%E0%B7%85%E0%B7%94+%E0%B7%83%E0%B6%BA%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B7%84%E0%B7%90%E0%B6%A7%E0%B7%92+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
Monday, 17 July 2017 - 18:09
පුතෙකු හුරතල් කරන්න පෙරුම් පිරූ 27 හැවිරිදි දීපිකා පහලවැව කදුළු සයුරක් කරමින් අවසන් ගමන් ගිය හැටි (ඡායාරූප)
371

Shares
44,542

Views
සිය තුන්වැනි දරුවා බිහි කිරීම සදහා සිසේරියන් සැත්කමක් කිරීමෙන් පසු ඇතිවූ අසාත්මික තාවයක් ඇතිවීමෙන් පසුව දින 21 ක් දැඩිසත්කාරයේ ප්‍රතිකාර ලබමින් සිටි ගලේවෙල පහලවැව ප්‍රදේශයේ පදිංචි මවක් මියගොස් තිබෙනවා.

මෙසේ මියගොස් ඇත්තේ පි .කේ .දීපිකා ප්‍රියංගිකා (27) නමැති තිදරු මවකි.

ඇයට දියණියන් දෙදෙනකු සිටින අතර තුන් වැනියා වුයේ පිරිමි දරුවෙකි.

මියගිය මවගේ සැමියා වූ ඒ .එම් .නන්දසිරි (34) මහතා කිවේ තම බිරිද දරුවා බිහි කිරීම සදහා දඹුල්ල රෝහලට ඇතුලත් කල බවත් නියමිත දිනට දරුවා නොලැබීම නිසා සිසේරියන් සැත්කමක් මගින් දරුවා බිහිකළ බවයි.

අනතුරුව තම බිරිද දැඩි සේ අසාධ්‍ය තත්වයට පත්ව දින දෙකක් දඹුල්ල රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබා මහනුවර රෝහලට මාරු කල බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

එම රෝහලේ දින 19ක් ප්‍රතිකාර ලැබීමෙන් පසු බිරිද මියගිය බවත් තම බිරිදගේ මරණය පිළිබඳව පෂ්චාත් මරණ පරීක්ෂණයක් සිදුකොට විවෘත තීරණයක් ලබාදී ඇති බවයි ප්‍රියංගිකා සැමියා ප්‍රකාශ කළේ.

තම බිරිද මියයාමත් සමග තමන් අසරණ වූ බවත් මේ ආකාරයට මව්වරුන් මියයන්න හේතුව සොයා බැලියයුතු බවයි සියල්ලන්ගේ හදවත් තවත් සංවේදී කරවමින් කඳුළු පිරි දෙනෙතින් ඔහු පැවසුවේ.



(ඡායාරූප - දඹුල්ල කාංචන කුමාර ආරියදාස )

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
කොටගලදී පීලි පැන්න තැපැල් දුම්රිය
Thursday, 13 July 2017 - 18:54
හැටන් සහ කොටගල අතරදී පීලි පැනීමට ලක්වු දුම්රිය මැදිරි තුන පීලිගත කිරීමට සති දෙකක පමණ කාලයක් ගතවන... Read More
News Image
News Image
Hiru News Programme Segments
491 Views
7,480 Views
4,374 Views
810 Views
1,293 Views
1,859 Views
Top