Hirunews Logo
%E0%B7%86%E0%B7%9A%E0%B7%83%E0%B7%8A+%E0%B6%B6%E0%B7%94%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B6%BA%E0%B6%A7+%E0%B6%86+%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92+%E0%B6%BB%E0%B7%9D%E0%B6%AF+%E0%B6%BB%E0%B6%AE%E0%B6%BA%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%90%E0%B6%BD%E0%B7%91%E0%B7%80%E0%B6%9A%E0%B6%A7+%E0%B6%BB%E0%B7%90%E0%B6%9C%E0%B7%99%E0%B6%B1+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
Monday, 17 July 2017 - 19:30
ෆේස් බුක් සාදයට ආ තරුණියන් දෙදෙනෙකු ත්‍රි රෝද රථයකින් කැලෑවකට රැගෙන යයි
308

Shares
36,981

Views
සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ දැනුවත් කර හෝටලයකදී සාදයක් පවත්වාල එහිදී මත්ද්‍රව්‍ය භාවිත කර අසභ්‍ය ලෙස හැසිරුණු පිරිසකට ඊයේ(16) උදම්මිට ගම්වැසියන් විරෝධය පළකිරීමේ සිද්ධියක් වාර්තාවු අතර අද (17) එහි අතුරු කතාවක් වාර්තා වුනා.

ඒ, එහි ආ තරුණියන් 3දෙනෙක් දුෂණය කිරීමට පැහැරගෙන යාමේ සිද්ධියක් හේතුවෙන්.

උස්වැටකෙයියාව ප්‍රදේශයේ හෝටලයකදී සාදය පවත්වා තිබු අතර පසුව තරුණියන් තුන් දෙනෙක් පිටව යාමේ දී පාරට යාම සඳහා ත්‍රි රෝද රථයක් නවත්වා ඊට ගොඩ වී තිබෙනවා.

පසුව ඊට ප්‍රදේශයේ තවත් තරුණයෙක් ගොඩ වී ඇති අතර රථය වෙනත් මගක ගමන් කරනු දුටු තරුණියක් ඉන් ඉවතට පැන පලා ගොස් ඇතැයි සඳහන්.

අනෙක් තරුණියන් දෙදෙනාව කැලෑ බද ප්‍රදේශයකට රැගෙන ගොස් දුෂණය කිරීමට උත්සහ කළ බවටයි පොලිසියට වාර්තා වී ඇත්තේ.

කෙසේවෙතත් බලහත්කාරයෙන් ලිංගික අතවර කර සාපරාධි භිය ගැන්වීම සැකකරුවන්ට එල්ල වී ඇති චෝදනාවයි.

තරුණියන් දෙදෙනා අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙතට ද ඉදිරිපත් කර තිබෙනවා.

රැකියාවන්ට යන බව කියා මෙම තරුණියන් තුන් දෙනා නිවෙස්වලින් පැමිණ තිබෙනවා.

අවු. 23, 25 වයස්වල පසුවන මෙම තරුණියන් හඟුරන්කෙත හා බැද්දගාන පදින්චිකාරිනියන්.

සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ දැනුවත් කර හෝටලයකදී සාදයක් පවත්වාල එහිදී මත්ද්‍රව්‍ය භාවිත කර අසභ්‍ය ලෙස හැසිරුණු පිරිසකට ඊයේ(16) උදම්මිට ගම්වැසියන් විරෝධය පළකිරීමේ සිද්ධියත් සමග තත්ත්වය පාලනය කිරීම සඳහා පොලීසියටද මැදිහත්වීමට ද සිදුවූනා.

සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ තරුණ තරුණියන් දැනුවත් කරමින් මෙම සාදය ඊයේ (16) දවස පුරා පවත්වා තිබුණේ ජා ඇල - උදම්මිට හෝටලයකදීයි.

එහි පළමු අදියර පසුගියදා  උස්වැටකෙයියාව ප්‍රදේශයේ හෝටලයකදී පවත්වා තිබුණේ එක් අයෙකුගෙන් රුපියල් 3000ක මුදලක් අය කරමින්.

එම සාදයේ දෙවැනි අදියර උදම්මිට ප්‍රදේශයේ හෝටලයකදී ඊයේ පැවති අතර ඊට දහසකට ආසන්න පිරිසක් සහභාගී වී තිබෙනවා.

සාදයේදී මත්පැන් සහ මත්ද්‍රව්‍ය විශාල ලෙස භාවිත කළ අදාළ පිරිස හෝටලයෙන් පිටතට පැමිණ අසභ්‍ය ලෙස හැසිරීම හේතුවෙන් ගම්වැසියන් ඊට දැඩි විරෝධය පළකළා.




Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
කෙසෙල් ගසේ කඳ මැදින් කැනක් ඇවිත්
Friday, 03 November 2017 - 7:33
හම්බන්තොට කාන්තා මහා සංගමයේ  ගෙවත්තේ ඇති කෙසෙල් ගසක කඳ මැදින් කෙසෙල් කැනක් සෑදී ඇති අයුරු එහි... Read More
News Image
Hiru News Programme Segments
818 Views
3,952 Views
5,712 Views
5,161 Views
87 Views
5,526 Views
Top