Hirunews Logo
%E0%B6%B8%E0%B7%9C%E0%B6%BB%E0%B6%A7%E0%B7%94+%E0%B7%83%E0%B6%BB%E0%B7%83%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B6%9B+%E0%B6%B8%E0%B6%BB%E0%B6%AB+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B4%E0%B7%81%E0%B7%94+%E0%B7%80%E0%B7%9B%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B6%B8%E0%B6%BA+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C
Monday, 17 July 2017 - 19:40
මොරටු සරසවියේ සුනඛ මරණ ගැන පශු වෛද්‍ය නිලධාරීන්ගෙන් නීතිමය ක්‍රියාමාර්ග
98

Shares
11,876

Views
මොරටුව සරසවියේ නිදහසේ සැරි සරන සුනඛයින්ට නිර්වින්දන ඖෂධ එන්නත් කිරීමෙන් පසු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව රජයේ පශු වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසනවා.

එම සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රදීප් කුමාරවඩු කියා සිටියේ මෙම සුනඛයින් නිර්වින්දනයට භාවිතය තහනම් ඖෂධයක් යොදාගෙන ඇති බවයි.

සිහි විකල්වූ මේ සුනඛයින්ගේ අසාමාන්‍ය හැසිරීම මේ දිනවල සමාජ වෙබ් අඩවිවල සුලබව දක්නට ලැබෙනවා.

එහි සදහන් වන්නේ මොරටුව විශ්වවිද්‍යාලයේ නිදහසේ සැරි සරමින් සිටි සුනඛයින් ඉවත් කිරීම සඳහා නිර්වින්දන ඖෂධ ලබාදීමෙන් පසු මෙම දර්ශන පටිගත කර ඇති බවයි.

සත්ත්ව ක්‍රියාකාරින්ට අනුව විශ්වවිද්‍යාලයේ සිටි සුනඛයින් 23 දෙනෙකුට හා බළලූන් කිහිපදෙනෙකුට මෙම නිර්වින්දන ඖෂධ ලබාදී ඇති අතර ඉන් කිහිපෙදෙනෙකු මෙලෙස මියගොස් ඇති බවයි මොරටුව විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ආනන්ද ජයවර්ධන වැඩිදුරටත් කියා සිටියේ.

හෝමාගම ප්‍රදේශයේ ඉඩමක වළ දමා තිබූ සුනඛයින් දෙදෙනෙකු සහ බළලූන් 10 දෙනෙකුගේ සිරුරු ඊයේ රාත්‍රියේ විශ්වවිද්‍යාල සිසුන්ට හමුවී තිබෙනවා.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
කොටගලදී පීලි පැන්න තැපැල් දුම්රිය
Thursday, 13 July 2017 - 18:54
හැටන් සහ කොටගල අතරදී පීලි පැනීමට ලක්වු දුම්රිය මැදිරි තුන පීලිගත කිරීමට සති දෙකක පමණ කාලයක් ගතවන... Read More
News Image
News Image
Hiru News Programme Segments
491 Views
7,480 Views
4,374 Views
810 Views
1,293 Views
1,859 Views
Top