Hirunews Logo
%E0%B6%BB%E0%B6%A7%E0%B7%9A+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%85%E0%B7%94+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%B8%E0%B6%BB%E0%B7%8A%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%80+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
Monday, 17 July 2017 - 19:46
රටේ ගැටළු විසදන්න හිටපු ඇමති මර්වින්ගෙන් නව පක්ෂයක්
18

Shares
2,276

Views
යෝජිත නව දේශීය ආදායම් බදු පනත් කෙටුම්පත පිළිබදව මල්වතු සහ අස්ගිරි මහනාහිමිවරුන් දැනුවත් කිරීම සඳහා ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් අද මහනුවරට පැමිණියා.

මල්වතු පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය නියන්ගොඩ ශ්‍රී විජිතසිරි හිමියන් බැහැ දුටු ඔවුන් පසුව අස්ගිරි පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ඥානරතන නාහිමියන් බැහැදැක තිබෙනවා.

ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන කියා සිටියේ නව දේශීය ආදායම් බදු පනත් කෙටුම්පත පිළිබදව ප්‍රශ්නය විසදා ගැනීම සඳහා උන්වහන්සේලාගේ මැදිහත්වීම බලාපොරොත්තු වන බවයි.

මේ අතර, අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් ද අද පෙරවරුවේ මල්වතු පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල හිමියන් හා  අස්ගිරි පාර්ශවයේ මහනායක වරකාගොඩ ඥානරතන නාහිමියන් බැහැදැක දඹුළු ලෙන් විහාරය සම්බන්ධයෙන් මතු වූ ගැටළු පිළිබඳ සාකච්ඡා කර තිබෙනවා. කෙසේ වෙතත්, එය ආවරණය කිරීමට මාධ්‍යයට ඉඩ ලබාදී තිබුණේ නැහැ.

එමෙන්ම හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ද අද පෙරවරුවේ අස්ගිරි සහ මල්වතු පාර්ශවයේ මහනාහිමිවරුන් බැහැදැක ආශිර්වාද ලබාගත්තා.

ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ රටේ මතු වී තිබෙන ගැටළුවලට විසදුම් ලබාදීම සඳහා ඉදිරියේදී නව දේශපාලන පක්ෂයක් තම නායකත්වයෙන් පිහිටුවන බවයි.



Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
මුහුදු ජීවීන් අලෙවිකිරීමේ ජාවාරම
Saturday, 09 September 2017 - 12:13
දීර්ඝ කාලයක් තිස්සේ මාතර කෝට්ටගොඩ ප්‍රදේශයේ නීතිවිරෝධීව තහනම් මුහුදු ජීවීන් අලෙවිකිරීමේ ජාවාරමක්... Read More
News Image
Hiru News Programme Segments
1,157 Views
12,787 Views
5,027 Views
2,841 Views
65 Views
9,244 Views
Top