Hirunews Logo
%E0%B6%94%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%92%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%90%E0%B7%80%E0%B6%AD+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%93+%E0%B6%9A%E0%B7%85+%E0%B6%AF%E0%B7%9A+%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1
Thursday, 20 July 2017 - 10:13
ඔලිම්පික් ගිය සියල්ලන් නැවත රැස්වී කළ දේ මෙන්න
4,056

Views
ඔලිම්පික් ක්‍රීඩා උලෙල සදහා සහභාගී වුණ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ශ්‍රී ලංකාවේ පළමු වරට සංගමයක් පිහිටුවා තිබෙනවා.

එම සංගමයේ නිලධාරීන් සහ සාමාජිකයන් පසුගියදා ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වුණේ ශ්‍රී ලංකා ඔලිම්පික් නිවහනේදීයි

ඔලිම්පික් ක්‍රීඩා උළෙල නියෝජනය කළ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පමණක් සාමාජිකත්වය දැරිය හැකි ජගත් ඔලිම්පික් ක්‍රිඩක සංගමය බිහි වුණේ 1994 වර්ෂයේදි.

මේ වනවිට රටවල් 150 කට ආසන්න සංඛ්‍යාවක් මෙම සංගමයේ සාමාජිකත්වය දරනවා.

සුනිල් ගුණවර්ධන - ප්‍රවීන මලල ක්‍රීඩක / පුහුණුකරු

- මේ වෙනකොට රටවල් 149 කම මේ සංගමය පිහිටුවලා තියෙනවා. මේකේ තියෙන වැදගත්ම දේ තමයි මේ සංගමයට ඇතුළත් වෙන්න බෑ සල්ලි තිබුණටවත් දේශපාලනඥයෙකුටවත් මොනම විදිහකින්වත් ඒකට එන්න පුළුවන් ඔලිම්පික් ගිය ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට විතරමයි.

ශ්‍රියානි කුලවංශ - සභාපති / ශ්‍රී ලංකා ඔලිම්පික් ක්‍රීඩක සංගමය

- අනිත් සංගම්වල මං දකින්නේ නැහ එහම අය. ඒ නිසා මේ සංගමය සියලු සංගම්වලට වඩා ප්‍රබල වෙයි. අපේ මේ ඔලිම්පික් සංගමයේ සියලුම ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඉදිරියේ දී අපිට ජාතික සංගම්වල ලේකම් ධුරය සභාපති ධුරයක් දරන්න හැකියා ඉන්නේ. ඉතිං අපිට මේක හොදට ශක්තිමත් වුණොත් රටට මීට වඩා දෙයක් කරන්න හැකියාව ලැබෙයි.

ශ්‍රී ලංකා ඔලිම්පික් ක්‍රීඩක සංගමයේ පළමු මහා සභා රැස්වීමේදී එම සංගමය උපදේශිකාව ලෙස ඔලිම්පික් පදක්කම්ලාභී සුසන්තිකා ජයසිංහ මහත්මිය පත්කර තිබුණ ද මෙම ප්‍රවෘත්ති සාකච්ඡාව සදහා ඇය පැමිණ සිටියේ නැහැ.

rn
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
රට ම කැළඹූ කාළගුණය
Thursday, 30 November 2017 - 14:34
මේ දිනවල පැවති අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල ජනතාව දැඩි අපහසුතාවයට පත්ව... Read More
News Image
Hiru News Programme Segments
12 Views
7,087 Views
6,022 Views
6,257 Views
433 Views
8,587 Views
Top