බැදුම්කර කොමිසමට විශ්මයට පත්වන ආකාරයේ සාක්ෂිකරුවෙක්

Friday, 21 July 2017 - 7:59

%E0%B6%B6%E0%B7%90%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%B8%E0%B6%A7+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%8A%E0%B6%B8%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%B1+%E0%B6%86%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%8A
ප්‍රශ්නගත බැදුම්කර නිකුත් කිරීමේ සිද්ධියට අදාළ පැමිණිල්ලේ සාක්ෂි ඉදිරි සති දෙක තුළ අවසන් කිරීමට නියමිත බව එම කොමිසමේ සභාපති විනිසුරු කේ.ටී.චිත්‍රසිරි ඊයේ (20) කොමිසමට දැනුම් දී තිබෙනවා.

පැමිණිල්ලේ සාක්ෂි අවසන් කිරීමෙන් අනතුරුව ලබන මස මුලදී ප්‍රශ්නගත බැඳුම්කර ගණුදෙනුව සම්බන්ධයෙන් නම් සඳහන් වූ පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගම වෙනුවෙන් සාක්ෂි ආරම්භ කරන බවයි සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර, ඉදිරි දිනකදී විශ්මයට පත්වන ආකාරයේ සාක්ෂිකරුවෙකු බැඳුම්කර කොමිසමට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥ ආචාර්ය අවන්ති පෙරේරා බැඳුම්කර කොමිසමට ඊයේ දැනුම් දී තිබෙනවා.

දැනටමත් එම පුද්ගලයාගෙන් ප්‍රකාශ සටහන් කරගනිමින් සිටින බව කොමිසමට දැනුම්දුන් බව එහි සිටි අප වාර්තාකරු සඳහන් කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories