පාසල් සිසුවියගේ අසභ්‍ය දර්ශන ලබා ගෙන අන්තර්ජාලයට දැමූ පැරණි පෙම

Friday, 21 July 2017 - 15:17

%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B6%9C%E0%B7%9A+%E0%B6%85%E0%B7%83%E0%B6%B7%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%AF%E0%B6%BB%E0%B7%8A%E0%B7%81%E0%B6%B1+%E0%B6%BD%E0%B6%B6%E0%B7%8F+%E0%B6%9C%E0%B7%99%E0%B6%B1+%E0%B6%85%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA%E0%B6%A7+%E0%B6%AF%E0%B7%90%E0%B6%B8%E0%B7%96+%E0%B6%B4%E0%B7%90%E0%B6%BB%E0%B6%AB%E0%B7%92+%E0%B6%B4%E0%B7%99%E0%B6%B8
බාල වයස්කාර පාසල් සිසුවියකට නිවසක් තුලදී අතවර කර, එහි දර්ශන ලබාගෙන අන්තර්ජාලයට මුදාහැර ඇති බව කියන පුද්ගලයෙකු මින්නේරිය පොලිසිය විසින් අද (21) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාල පුද්ගලයා එම පාසල් සිසුවිය සමඟ පසුගිය අවසරේ ප්‍රේම සම්බන්ධතාවයක් ඇතිකරගෙන ඇති අතර එහිදී එහිදී ඔහු හබරණ ප්‍රදේශයේ නිවසක් තුලදී එම සිසුවියගේ අසැබි දර්ශන ලබාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

පසුව මස 06කට පසු දෙදෙනා අතර පැවති ප්‍රේම සම්බන්ධතාව බිදී ගොස් ඇති අතර අනතුරුව කෝපයට පත් අදාල තරුණයා විසින් පාසල් සිසුවියගේ අසභ්‍ය දර්ශන අන්තර්ජාලයට මුදා හැර ඇති බව සදහන්.

සැකකාර තරුණයා විසින් අන්තර්ජාලයට මුදා හැර ඇති අදාල දර්ශන සිසුවියගේ පාසලේ ගුරුවරියක් විසින් දැක ඇති අතර පසුව ඒ සම්බන්දව පාසලේ විදුහල්පතිවරයා දැනුවත් කර තිබෙනවා.

පසුව ජාතික ළමා ආරක්ෂණ අධිකාරය විසින් පොලිසියට කරන ලද දැනුම්දීමකදී සැකකරු අත්අඩංගුවට ගැනුණු බව අප වාර්තාකරු සදහන් කළා.   

මේ වන විට 19 හැවිරිදි වියේ පසුවන තරුණයා යුධ හමුදාවට අනියුක්තව සේවය කරන මින්නේරිය, හබරණ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව සදහන්.

අදාල පාසල් සිසුවිය මේ වන විට 16 හැවිරිදි වියේ පසුවනවා.  

සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ මින්නේරිය පොලිසිය විසින් පවත්වන බවයි වාර්තා වන්නේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories