අඟුණකොළපැලැස්ස ප්‍රහාරයේ සැකකරු අත්අඩංගුවට (ඡායාරූප)

Saturday, 22 July 2017 - 13:46

%E0%B6%85%E0%B6%9F%E0%B7%94%E0%B6%AB%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B4%E0%B7%90%E0%B6%BD%E0%B7%90%E0%B7%83%E0%B7%8A%E0%B7%83+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
අඟුණකොළපැලැස්ස - වැටිය ප්‍රදේශයේදී දෙපිරිසක් අතර ඇති වූ ගැටුමක් අතරතුර දී අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ ඔහු ද එම අත්බෝම්බ ප්‍රහාරයෙන් තුවාල ලබා ඇති බවයි.

ඊයේ රාත්‍රියේ අගුණකොළපැලැස්ස, වැටිය ප්‍රදේශයේදී කිසියම් කරුණක් සම්බන්ධයෙන් දෙපිරිසක් අතර ගැටුමක් ඇති වුණා.

මෙම ගැටුම අතරතුර අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල වූ අතර ඉන් 17 දෙනෙකු තුවාල ලැබුවා.

මූලික පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ පෞද්ගලික ආරවුලක් ගැටුමට මුල් වී ඇති බවයි.



ඡායාරූප -අම්බලන්තොට,  අජිත් පුෂ්පකුමාර


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories