අවුරුදු 18 මව බිළිඳා මරා සිදුකළ දේ (ඡායාරූප)

Saturday, 22 July 2017 - 15:38

%E0%B6%85%E0%B7%80%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B7%94+18+%E0%B6%B8%E0%B7%80+%E0%B6%B6%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%B3%E0%B7%8F+%E0%B6%B8%E0%B6%BB%E0%B7%8F+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%9A%E0%B7%85+%E0%B6%AF%E0%B7%9A+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
සිය අලුත උපන් බිළිඳා මරා නිවස පිටුපස වළ දැමූ වයස අවුරුදු 18ක තරුණියක් පිළිබද පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඇමරිකාවේ ඔහියෝ ප්‍රනන්තයේ මෙම සිදුවීම සිදුව ඇති අබවයි වාර්තා වන්නේ.

බෲක් ස්කලර් රිචඩ්සන් නමැති මෙම තරුණිය මීට මස දෙකකට පමණ පෙර සිය අලුත උපන් බිළිඳා මරා වළදමා ඇති බව සදහන්.

අදාල තරුණියට ප්‍රතිකාර කළ වෛද්‍යවරයාගෙන් ලද තොරතුරක් මත මෙම ඝාතනය සම්බන්ධයෙන් තොරතුරු හෙළිකරගෙන ඇති අතර වළදමා තිබූ බිළිඳු මළ සිරුරේ කොටස් පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

අත්අඩංගුවට පත් 18 හැවිරිදි මෙම තරුණිය ක්‍රීඩා තරඟ වල කණ්ඩායම් දිරිගන්වන්නියක් ලෙස කටයුතු කරන බවටයි තොරතුරු වාර්තා වන්නේ.

අදාල තරුණිය විසින් මෙලෙස තම බිළිඳා ඝාතනය කිරීමට හේතුව මෙතෙක් අනාවරණය කරගෙන නොමැති අතර යම් හෙයකින් ඇය වැරදිකාරිය වුවහොත් වසර 05ක සිර දඬුවමක් ඇයට හිමිවනු ඇතැයි විදෙස් මාධ්‍ය විශ්වාස කරනවා.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories