කසල ගැටලූව අනාගත ආණ්ඩුවකට නොදී විසදන බව ජනපති කියයි

Saturday, 22 July 2017 - 19:44

%E0%B6%9A%E0%B7%83%E0%B6%BD+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B6%BD%E0%B7%96%E0%B7%80+%E0%B6%85%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B6%AD+%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B1%E0%B7%9C%E0%B6%AF%E0%B7%93+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B6%AF%E0%B6%B1+%E0%B6%B6%E0%B7%80+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
අනාගතයේ කිසිදු ආණ්ඩුවකට ගැටලූවක් නොවන පරිදි කැලි කසළ ගැටලූව විසඳීමට කටයුතු කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා.

ඒ කිරිඳිවැල - මිල්ලකාකන්ද විවේක සේනාසනයේ අභිනවයෙන් ඉදිකරන ලද භාවනා ශාලාව විවෘත කිරීමේ අවස්ථාවට අද (22) එක්වෙමින්.

‘‘මේ රටේ කිසිම නායකයෙක් කිසිම ආණ්ඩුවක් මේ කැළි කසළ ප්‍රශ්නයට විසඳුමක් දීලා තිබුණේ නැහැ. රටේ සෑම ප්‍ර දේශයකම පළාත් පාලන ආයතන විසින් කුණු කඳු හැදුවා. නමුත්, ඒ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර අපි අරගෙන නැහැ. අපේ ඇඟට කඩාවැටිලා තියෙන්නේ අවුරුදු 60 – 70 ක එකතු කරපු කුණු කඳු තමයි. රටේ එක තැනකවත් විරෝධය මිසක් විසඳුමක් නැහැ. දැන් අපි කොළඹ තියෙන කුණු පුත්තලමේ විශාල වනාන්තර ප්‍රදේශයකට ගෙනියන්න සැලසුම් කළා. දැන් ඒකටත් විරෝධය පළ කරනවා. ඒ දිස්ත්‍රික්කයේ මැති ඇමතිවරු ඔක්කොම එහෙ ගේනනත් එපා කියනවා. එතකොට අපිට කැලි කසළ දාන්නේ කොහෙද කියන ප්‍රශ්නය තමයි තියෙන්නේ. අපි දැන් වර්තමාන රජය විදිහට බැණුම් අහ අහ විවේචණ අහ අහ චෝදනා ලබමින්, අලුත් තාක්ෂණය පාවිච්චි කරලා මේ කැලි කසළ ප්‍රශ්නය අනාගතයේ කිසිදු ආණ්ඩුවකට ප්‍රශ්නයක් නොවෙන විදිහට ඉදිරි අවුරුද්දක් දෙකක කාලය තුළ අපි ඒ ප්‍රශ්නය විසඳීම සම්බන්ධයෙන් කටයුතු කරනවා ’’ යනුවෙන් ජනාධිපතිවරයා එහිදී වැඩිදුුරටත් කියා සිටියා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories