නිවේදිකාවගේ හිස මතට කඩා වැටුණු පාම් ගස

Sunday, 23 July 2017 - 12:09

%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%9C%E0%B7%9A+%E0%B7%84%E0%B7%92%E0%B7%83+%E0%B6%B8%E0%B6%AD%E0%B6%A7+%E0%B6%9A%E0%B6%A9%E0%B7%8F+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%B4%E0%B7%8F%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9C%E0%B7%83
කාන්තාවකගේ හිස මතට පාම් ගසක් කඩා වැටී මියගොස් තිබෙනවා.

ඉන්දියාවේ හිටපු රූපවාහිනී නිවේදිකාවකගේ හිස මතට මෙලෙස අඩි 25ක් පමණ උස පාම් ගසකඩා ඇති බවයි වාර්තා වන්නේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ කන්චන් නාථි නමැති අදාල කාන්තාව 58 වන වියේ පසු වූ බවයි.

මැය උදෑසන ශරීර සුවතා ව්‍යායාම සදහා මාර්ගයේ ඇවිදමින් සිටින අතරතුර මෙම අනතුරට මුහුණ දී ඇති බව සදහන්.

ඉන්දියාවේ මුම්බායි ප්‍රාන්තයේ චන්බුර් ප්‍රදේශයේ දී සිදුවූ මෙම අනතුරෙන් පසුව ඇය රෝහල් ගතකර ඇති බවයි වාර්තා වන්නේ.

දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර  කන්චන් නාථි නමැති අදාල කාන්තාව මියගොස් තිබෙනවා.

වෛද්‍යවරුන් පවසන්නේ හිස මතට ගස කඩාවැටීමෙන් මොළයට සිදුවූ හානි හේතුවෙන් එම කාන්තාව මිය ගිය බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories