මියගිය පොලිස් නිලධාරියාගේ ඥාතීන් ඉදිරියේ සංවේදී වූ විනිසුරුවරයා (ඡායාරූප)

Sunday, 23 July 2017 - 13:20

%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B6%A5%E0%B7%8F%E0%B6%AD%E0%B7%93%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B7%80%E0%B7%96+%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
යාපනය නල්ලුර් ප්‍රදේශයේදී සිදුකළ වෙඩි තැබීමකින් මියගිය පොලිස් සැරයන්වරයාගේ පශ්චාත් මරණ පරික්ෂණය අද උදෑසන සිදුකෙරුණා.

එහිදී යාපනය මහාධිකරණ විනිසුරු මානික්කවාසකර් ඉල්ංචේලියන් සිය ජීවිතය බේරා ගැනීමට දිවි දුන් පොලිස් නිලධාරියාගේ පශ්චාත් මරණ පරික්ෂණය සිදුවූ ස්ථානයට පැමිණි තිබෙනවා.

එම අවස්ථාවට මියගිය පොලිස් නිලධාරීවරයාගේ බිරිඳ ද පැමිණ සිට ඇති අතර එහිදී මහාධිකරණ විනිසුරුවරයා විසින් මිය ගිය පොලිස් නිලධාරීවරයාගේ බිරිඳට ඇයගේ ස්වාමිපුරුෂයා  මියයාම සම්බන්ධයෙන් කනගාටුව ප්‍රකාශ කිරීම ඉතා සංවේදී අවස්ථාවක් වුණා.

එම අවස්ථාවට පෙර සිද්ධියෙන් තුවාල ලබා රෝහල් ගතව සිටින අනෙක් පොලිස් නිලධාරියාගේ සුවදුක් විමසීමටද  විනිසුරුවරයා රෝහලට ගොස් ඇති බවයි අප වාර්තාකරු සදහන් කළේ.

ඊයේ සිදු කළ වෙඩි තැබීමෙන් පොලිස් සැරයන් ගනේවත්තගේ සරත් හේමචන්ද්‍රගේ උදර ප්‍රදේශයට වෙඩි වැදී ඇති අතර එහිදී සිදුවූ අභ්‍යන්තර රුධිර වහනයක් හේතුවෙන් එම මරණය සිදුවූ බව පශ්චාත් මරණ පරික්ෂණයේදී අනාවරණය වී තිබෙනවා.





ඡායාරූප - වව්නියාව, රොමේෂ් මධුසංක, මාධව කුලසූරිය





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories