වෙනස් විදියකින් සුවයක් සොයා ගිය කාන්තාවට අතරමැදදී අත්වූ අවාසනාවන්ත ඉරණම

Monday, 24 July 2017 - 9:31

%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%83%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B7%8F+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%85%E0%B6%AD%E0%B6%BB%E0%B6%B8%E0%B7%90%E0%B6%AF%E0%B6%AF%E0%B7%93+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B7%96+%E0%B6%85%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD+%E0%B6%89%E0%B6%BB%E0%B6%AB%E0%B6%B8
දේව වරමින් හා විශ්ව ශක්තියෙන් රෝග සුව කරන බව කියූ පැවැත්වූ පුජාවකට එක වූ කාන්තාවක්, වහාම රෝහල් ගත කරන්නැයි කපුවා ප්‍රකාශ කර ඇති අතර රෝහලට ගෙන යන අතරතුර කාන්තාව මිය ගොස් ඇති අප වාර්තාකරු කියා සිටියා.

විශ්ව ශක්තියෙන් රෝග සුව කරන බව කියන පුජාවක් ගිරාදුරු කෝට්ටේ නගර ආසන්නයේ 22 වන දා පවත්වා ඇති අතර එම ස්ථානයට විශාල පිරිසක් එක ව සිටි බව සඳහන්.

අම්පාර පන්නල්ගම පදිංචි 24 හැවිරිදි විවාහක කාන්තාවක් වන කේ එම අනෝජා ප්‍රියදර්ශනී ද ඊට එක්ව ඇත්තේ තමන්ට ඇති රෝගී තත්වයක් සුව කර ගැනීමේ අරමුණින්.

ශාන්ති කර්මය අතරතුර සංවිධායක මණ්ඩලය පවසා ඇත්තේ ම කාන්තාවට ප්‍රතිකාර කළ නොහැකි බවයි.

වහාම රෝහල් ගත කරන ලෙසත් කියා තිබෙනවා.

මෙම පුජාව මෙහෙයවා ඇත්තේ පිළියන්දල ප්‍රදේශයේ කපුවකු ඇතුළු පිරිසක් බවද පොලිසියට වාර්තා වී තිබෙනවා.

පුජාව අතරතුර ඒ ගැන තොරතුරු ලැබී බොදු බල සේනා මහියංගනය සභාපති හිමියන් හා තවත් හිමිවරුන් එම ස්ථානයට ගොස මෙසේ ලෙඩ සුව කරන්නේ කෙසේදැයි ප්‍රශ්න කර තිබෙනවා.

එසේ සුවපත් වූ ය මෙතන ඇතැයි එහිදී සංවිධායකයන් පවසා ඇතැයි සඳහන්.

හිමිවරුන් පැමිණීම හා ප්‍රශ්න කිරීම නිසා තම විශ්ව ශක්තිය ගිලිහි ගිය බව පවසා ඇති කපුවා පුජා භුමියේ කිල්ලක් ඇති ද පවසා එම ස්ථානයෙන් පිටව ගිය බවද වාර්තා වනවා.

පසුව ප්‍රධාන පූජකවරයා හිමිවරුන්ගේ පැමිණීමෙන් හා ප්‍රශ්න කිරීම් හමුවේ තමන්ගේ විශ්ව ශක්‌තිය ගිලිහී ගිය බව සිටි පිරිස වෙත මයික්‍රෙෆෝනයෙන් දන්වා පිටව ගොස් තිබෙනවා.

කෙසේ වෙතත් අවසානයේ වකුගඩුවේ පිළිකාවක්‌ සෑදී රෝගීව සිටි අනෝජා ප්‍රියදර්ශනී නම් කාන්තාව රෝහල් ගත කරන අතරතුර මිය ගොස් තිබෙනවා.

මෙම පූජාව අතරතුර ඒ සම්බන්ධයෙන් තොරතුරු ලැබී පැමිණි බොදු බලසේනා සංවිධානයේ සහ 969 සංවිධානයේ මහියංගනය ප්‍රදේශයේ සාමාජික දෙහිගොල්ල ශ්‍රී පූර්වාරාමයේ විහාරාධිපති අම්බාලේ රතන හිමියන් ඇතුළු හිමිවරුන් පිරිසක්‌ දිගින් දිගටම ප්‍රශ්න කර තිබෙනවා.

පසුව ප්‍රධාන පූජකවරයා හිමිවරුන්ගේ පැමිණීමෙන් හා ප්‍රශ්න කිරීම් හමුවේ තමන්ගේ විශ්ව ශක්‌තිය ගිලිහී ගිය බව සිටි පිරිස වෙත මයික්‍රෙෆෝනයෙන් දන්වා පිටව ගොස් තිබෙනවා.

පැමිණ සිටි පිරිස හා හිමිවරුන් අතර  උණුසුම්කාරී තත්ත්වයක්‌ ඇතිවීමට යාම නිසා හිමිවරුන් පිටව ගොස් ඇතැයිද අප වාර්තාකරු කියා සිටියා.

මියගිය කාන්තාවගේ සිරුර ගිරාඳුරුකෝට්‌ටේ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබී ඊයේ (23) දහවල් ඥතීන් වෙත භාරදී තිබෙනවා.






Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories