හම්බන්තොට වරාය ගැන සංශෝධිත ගිවිසුම හෙට අමාත්‍ය මණ්ඩලයට ?

Monday, 24 July 2017 - 13:41

%E0%B7%84%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%9C%E0%B6%A7+%E0%B7%80%E0%B6%BB%E0%B7%8F%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%83%E0%B6%82%E0%B7%81%E0%B7%9D%E0%B6%B0%E0%B7%92%E0%B6%AD+%E0%B6%9C%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B8+%E0%B7%84%E0%B7%99%E0%B6%A7+%E0%B6%85%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B8%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B6%BD%E0%B6%BA%E0%B6%A7+%3F
හම්බන්තොට වරාය චීන සමාගමකට පැවරීමට අදාළ ගිවිසුමට සම්බන්ධ කැබිනට් පත්‍රිකාව හෙට(25) අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වනවා.

එය අද (24) පෙරවරුවේ අමාත්‍යවරුන් වෙත ලැබුන බව ද සඳහන්.

සාමාන්‍යයෙන් එවන් කැබිනට් පත්‍රිකාවක් පෙර සතියේ සිකුරාදා පමණ වන විට අමාත්‍යවරුන් වෙත ලැබෙතත් මෙය අද (සඳුදා) ලැබී ඇති බවයි ආරංචි මාර්ග කියා සිටියේ.

ඒ අනුව හම්බන්තොට වරාය චීන සමාගමකට පැවරීමට අදාළ ගිවිසුමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය සඳහා හෙට (25) ඉදිරිපත් කෙරෙනු ඇති.

මේ අතර ඛනිජ තෙල් වෘත්තීය සමිති ලිපියක් මගින් රජයට දැනුම් දී ඇත්තේ හම්බන්තොට තෙල් ටැංකි තෙල් සංස්ථාවට පවරා දීම ගැන ස්ථිර තීරණයක් අවශ්‍ය බවයි.

අද සවස වනවිට එම තීරණය අවශ්‍ය බවද ඔවුන් දැනුම් දී ඇතැයි සඳහන්.

මිට පෙර අගමැතිවරයා හා සාකච්ඡාවකදී පවසා ඇත්තේ හම්බන්තොට වරාය චීන සමාගමකට පැවරීමට පෙර තෙල් ටැංකි ගැන තීරණයක් ගන්නා බවයි.

හම්බන්තොට වරාය චයිනා මර්චන්ට්ස් පෝර්ට් හොල්ඩිංග්ස් කම්පැනි ලිමිටඞ්ට විකිණීමේ හෙවත් වසර අනූනව කාලයකට චීනයට ලබාදීමට සකස් කර ඇති ගිවිසුමට වරාය එවකට විෂය භාර අමාත්‍ය අර්ජුන රණතුංග සිය ලිඛිත විරෝධය පළ කර තිබුණා.

හම්බන්තොට වරාය චීන සමාගමකට විකිණීම පිළිබඳව මූලික කෙටුම්පතක් සකස් කර නොමැති බවත් හවුල් ව්‍යාපාරයක් ලෙස පවත්වාගෙන යාමට කටයුතු කරන බවත් මේ පිළිබඳව සාකච්ඡා කරමින් සිටින බවත් මේ සම්බන්ධයෙන් එකඟවීමෙන් පසුව ගිවිසුම් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මිට පෙර පවසා තිබුණා.

කෙසේවෙතත් හම්බන්තොට වරාය පැවරීමේ තීරණ ගැන අධිකරණයේ නඩු කිහිපයක් ද පවරා තිබුණා.

මේ අතර කොළඹ අද (24) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ලංකා සමසමාජ පක්ෂයේ ප්‍රධාන ලේකම් මහාචාර්ය තිස්ස විතාරණ කියා සිටියේ පෙර පැවති ගිවිසුම සංශෝධනය කර ඉදිරිපත් කිරීමට මෙහිදී කටයුතු කර ඇති බවයි.




Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories