නිවස තුළ සිටි වතුපාලකවරයා ලණුවලින් බැඳ දමා සිදුකළ අමානුෂික දේ

Monday, 24 July 2017 - 15:02

%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%83+%E0%B6%AD%E0%B7%94%E0%B7%85+%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92+%E0%B7%80%E0%B6%AD%E0%B7%94%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%9A%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F+%E0%B6%BD%E0%B6%AB%E0%B7%94%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B6%E0%B7%90%E0%B6%B3+%E0%B6%AF%E0%B6%B8%E0%B7%8F+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%9A%E0%B7%85+%E0%B6%85%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%94%E0%B7%82%E0%B7%92%E0%B6%9A+%E0%B6%AF%E0%B7%9A
කුලියාපිටිය- තලහිට්මුල්ල- අලලූව ප්‍රදේශයේ වත්තක තිබී පහරකෑමට ලක්ව මියගිය බවට සැකකෙරෙන වතු පාලකයෙකුගේ සිරුරක් ප්‍රදේශවාසීන්ගේ තොරතුරු මත ඊයේ (23) සවස සොයගත් බව කුලියාපිටිය පොලිසිය පවසනවා.

එලෙස ඝාතනයට ලක්ව තිබුණේ තලහිටිමුල්ල, වල්පිටගම, අලලූව ප්‍රදේශයේ වතු පාලකවරයෙකු වූ 61 හැවිරිදි අශෝක කුමාර සුභසිංහ නැමැති දෙදරු පියෙක්.

පොලිසිය  විසින් මෘතදේහය සොයාගන්නා අවස්ථාව වනවිටත් ලණු ආධාරයෙන් මරණකරු වධහිංසනයට ලක්කොට ගැටගසා තිබූ බවත් සඳහන්.

අදාළ වත්තේ සේවයකරමින් සිටි අඹුසැමි යුවලක් සිද්ධියෙන් පසු අතුරුදහන්ව ඇති බවත් ඔවුන් පදිංචි ප්‍රදේශවලට මේ වනවිටත් පරීක්‍ෂණ  කණ්ඩායම් යොමුකොට ඇති බවත් ඉතා කෙටි කලකදී සැකකරුවන් අත්අඩංගුවටගැනීමට හැකිවෙනු ඇතබවත් පොලිසිය සඳහන් කළා.

කුලියාපිටිය කොට්ඨාස භාර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී කපිල කඩුපිටිය, සහකාර පොලිස් අධිකාරී ජාලිය හීන්කෙන්ද යන මහත්වරුන්ගේ උපදෙස් මත කුලියාපිටිය පොලිස් අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපතති පොලිස් පරීක්‍ෂක හැරිසන් සෝමසිරි, ඇතුළු නිළධාරීහු අදාල සිද්ධිය වූ ස්ථානයේ පරික්‍ෂණ මෙහෙයවූ අතර කුලියාපිටිය වැඩබලන මහේස්ත්‍රාත් චම්පික ලසිතකුමාර මහේස්ත්‍රාත් පරීක්‍ෂණය සිදුකර තිබෙනවා.





ඡායාරූප -  කුලියාපිටිය, උපේන්ද්‍ර හේරත්



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories