වන්දි ඉල්ලා ඇමති අර්ජුනගෙන් නඩුවක්

Monday, 24 July 2017 - 16:10

%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%85%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B7%94%E0%B6%B1%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
සිය කීර්ති නාමයට හානි පැමිණීම සම්බන්ධයෙන් රුපියල් මිලියන පන්සිය බැගින් ඉල්ලා ශ්‍රී ලංකා වරාය අධිකාරියේ වෘත්තීය සමිති නායකයින් බව කියන දෙදෙනකුට එරෙහිව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග කොළඹ දිසා අධිකරණයේ නඩු පවරා තිබෙනවා.

ප්‍රසන්න කළුතරගේ සහ ලාල් බංගමුව යන අයට එරෙහිව අර්ජුන රණතුංග අමාත්‍යවරයා මෙසේ නඩු පවරා ඇත්තේ මහජනතාව නොමඟ යන අයුරින් අසත්‍ය කරුණු ප්‍රකාශ කරමින් තම කීර්ති නාමයට හානි කර ඇති බව පවසමින්.

පවරා ඇති එකී නඩුවල අංක වන්නේ 1700/DMR/2017, 1701/DMR/2017 සහ 1702/DMR/2017 බව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යංශය පවසනවා.

මහජනතාව නොමඟ යන අයුරින් අසත්‍ය කරුණු ප්‍රකාශ කරමින් තම කීර්ති නාමයට හානි කර ඇති බවත් ඊට වන්දි ලෙස තනි තනිවම රුපියල් මිලියන 500ක වන්දියක් ගෙවිය යුතු බවත් මෙම නඩුවෙන් අමාත්‍ය අර්ජුන රණතුංග ඉල්ලීමක් කර තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories