ඉන්දීය ජනපති අද දිවුරුම් දෙයි

Tuesday, 25 July 2017 - 12:01

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%85%E0%B6%AF+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%BA%E0%B7%92
රාම් නාත් කෝවින්ද් ඉන්දියාවේ 14 වන ජනාධිපතිවරයා ලෙස අද දිවුරුම් දෙනවා.

මුලින්ම දිල්ලියේ මහත්මා ගාන්ධි පිළිරුවට පුෂ්පෝපහාර දක්වන ඔහු පසුව රාෂ්ඨ‍්‍රපති භවන් වෙත ගොස් වත්මන් ජනපති ප්‍රනාබ් මුකර්ජි මුණ ගැසෙනවා.

ඔවුන් දෙදෙනා ඉන් අනතුරුව ඉන්දීය පාර්ලිමේන්තුව වෙත ගමන් කරන අතර, එහිදී රාම් නාත් කෝවින්ද් ඉන්දීය අගවිනිසුරුවරයා ඉදිරියේ නව ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීමට නියමිතයි.

නව ජනාධිපතිවරයා වෙනුවෙන් ආචාර වෙඩිමුර 21 ක් ද පැවැත්වෙන අතර ඉන් පසුව ඔහු ජනාධිපතිවරයා ලෙස සිය ප්‍රථම දේශනය පවත්වනු ඇති.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories