පැහැරගත් සිද්ධියකට පොලිසියේ දෙන්නෙක් රිමාන්ඩ්

Tuesday, 25 July 2017 - 18:29

%E0%B6%B4%E0%B7%90%E0%B7%84%E0%B7%90%E0%B6%BB%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A
මිරිහානේ ව්‍යාපාරිකයෙකු බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් කප්පමක් ඉල්ලීමේ සිද්ධියක් ගැන බොරැල්ල පොලිසිය සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ මිරිහාන නිතිය බලගැන්වීමේ ඒකකයේ උප පොලිස් පරීක්ෂකවරයෙකු හා පොලිස් කොස්තාපල්වරයෙකු හෙට(26) දක්වා රිමාන්ඩ් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද නියෝග කළා.

සැකකරුවන් හෙට(26) හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමට නියමිතයි.

තමන්ව මිරිහානේ ව්‍යාපාරිකයෙකු බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් කප්පමක් ඉල්ලු බවට අදාළ මිරිහානේ ව්‍යාපාරිකයා බොරැල්ල පොලිසියට ඊයේ(24) පැමිණිලි කර තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories