පෙරළියකට අවස්ථාවක් නොදෙන බව රජය කියයි

Wednesday, 26 July 2017 - 19:48

%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B7%85%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%9C%E0%B6%AF%E0%B7%99%E0%B6%B1+%E0%B6%B6%E0%B7%80+%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
කැබිනට් තීරණ දැනුම්දීම සදහා කොළඹ අද පැවති මාධ්‍ය හමුවේදීද ඛනිජ තෙල් සේවකයින්ගේ වර්ජනය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් විමසා සිටියා.

සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න ඊට පිළිතුරු ලබාදුන් අතර, හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් රොෂාන් සෙනෙවිරත්න ද එහිදී අදහස් පළ කළා.

එහිදී අමාත්‍ය රාජිත සේනාරත්න කියා සිටියේ අද පස්වරුව වනවිට ශ්‍රී ලංකාවේ සෑම ප්‍රදේශයකටම ඉන්ධන ලබාදීමට කටයුතු කරන බවයි.

රජය ලෙස තෙල් බෙදාහැරීමේ කටයුතු සිදුකරන බවත්, වර්ජකයින් වෘත්තිය ඉල්ලීම් ඉදිරිපත් කර නොමැති බවත් ඔවුන් දේශපාලන ඉල්ලීම් මත මෙම වර්ජනය සිදුකරන බවත් අමාත්‍යවරයා සඳහන් කළා.

දේශපාලන අවශ්‍යතා මත සිදුකරන මෙවැනි වර්ජන තුළින් ඔවුන් උත්සාහ කරන්නේ ආණ්ඩුව පෙරළීමට නම් ආණ්ඩුව ආරක්ෂා කිරීමට ගත යුතු සියලූ පියවර ගන්නා බවද අමාත්‍ය රාජිත සේනාරත්න එහිදී ප්‍රකාශ කළා.

හම්බන්තොට වරාය ගිවිසුම සම්පූර්ණයෙන් රටේ නීතියට වලංගු බවට නීතිපතිවරයා දැනුම්දී ඇති බවත් සිකුරාදා දිනයේ ඒ සම්බන්ධයෙන් වන විවාදය පවත්වා සෙනසුරාදා ගිවිසුමට අත්සන් තැබීමට කටයුතු කරන බවයි ඔහු කියා සිටියේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories