විද්‍යා ඝාතනයේ ප්‍රධාන සැකකරු නිදහස් කිරීම ගැන ඇමතිනි විජයකලාගෙන් ප්‍රකාශයක් ගැනීමට නියෝග

Thursday, 27 July 2017 - 8:42

%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94+%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92%E0%B6%B1%E0%B7%92+%E0%B7%80%E0%B7%92%E0%B6%A2%E0%B6%BA%E0%B6%9A%E0%B6%BD%E0%B7%8F%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B7%8F%E0%B7%81%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C
යාපනයේදී ඝාතනයට ලක්වු ශිවයෝගනාදන් විද්‍යා සිසුවියගේ ඝාතනයේ ප්‍රධාන සැකකරු මුදාහැරි බව කියන සිද්ධිය පිළිබඳ අමාත්‍ය විජයකලා මහේෂ්වරන්ගෙන් ප්‍රකාශයක් සටහන් කරගන්නා ලෙසට කයිට්ස් මහේස්ත්‍රාත් එම් එම් රියාල් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබෙනවා.

අදාළ ඝාතනයේ ප්‍රධාන සැකකරු වු ස්විස් කුමාර් නොහොත් මහාලිංගම් ශෂිකුමාර් නැමැත්තා ප්‍රදේශවාසීන් විසින් අල්ලා විදුලි කණුවක බැඳ සිටියදී ඔහු පොලිසියට භාර නොදී මුදා හැර ඇති බවටයි ඇමතිවරියට චෝදනා එල්ලවී ඇත්තේ.

රක්ෂිත බන්ධනාගාර ගතව පසුවන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ ඔහුගේ නීතිඥයන් කළ කරුණු දැක්වීම මත මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය ලබාදී ඇතැයි අප වාර්තාකරු ප්‍රකාශ කළා.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ නීතිඥයන් පෙන්වාදී ඇත්තේ මෙම ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකරු ගම්වාසීන් විසින් අල්ලාගෙන සිටියදී ඇමතිවරිය පැමිණ ඔහු බේරාගෙන ගොස් ඇති බවයි.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් වන වීඩියෝ පටයක් ද ලලිත් ජයසිංහ වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණයට ඉදිරිපත් කර ඇති බවයි අප වාර්තාකරු කියාසිටියේ.

කරුණු සලකා බැලු මහේස්ත්‍රාත්වරයා ඇමතිනි විජයකලා මහේෂ්වරන්ට එරෙහිව ඇති චෝදනා පිළිබඳ විමර්ශනය කරන ලෙසට සහ ඇයගෙන් ප්‍රකාශයක් සටහන් කරගන්නා ලෙසටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබෙනවා.

යාපනය කයිට්ස් පුංකුඩුතිව් 9 වන පටුමග ප්‍රදේශයේදී 2015 වසරේ මැයි මස 13 වනදායි 18 හැවිරිදි ශිවලෝගනාදන් විද්‍යා දැරිය පැහැරගෙන ගොස් සමුහ දුෂණයට ලක් කර ඝාතනය කර තිබුනේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories