වියළි කාලගුණයෙන් පීඩාවට පත්වු ආදිවාසීන් පිරිසක් තීරණයක් ගනී (ඡායාරූප)

Thursday, 27 July 2017 - 10:02

%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD%E0%B6%9C%E0%B7%94%E0%B6%AB%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%93%E0%B6%A9%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B7%94+%E0%B6%86%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B7%93%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B6%B1%E0%B7%93+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
පවතින දැඩි අවු රශ්මිය සහ වියළි කාලගුණික තත්වය හමුවේ දිඹුලාගල දලුකාන ආදිවාසී ගම්මානයේ ජනතාව දිඹුලාගල කන්දේ ගස් සහ ගල් ගුහා යට දිවි ගෙවීම ආරම්භ කර තිබෙනවා.

ඊයේ සවස ආදිවාසී ගම්මානයේ ජනතාව සහ කුඩා ළමුන් ඇතුලුව පවුල් 15 ක් පමණ මෙලෙස පැමිණ ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

තමන්ට කිසිදු ආර්ථික ශක්තියක් නොමැතිවීම හේතුවෙන් ආහාර දිඹුලාගල කන්දෙන් සොයා ගැනීමට සහ පවතින දැඩි අවු රශ්මියෙන් බේරීමට මෙම පියවර ගත් බව ඔවුන් සඳහන් කර තිබෙනවා.

වසරකින් පමණ තම ප්‍රදේශවලට වර්ෂාවක් නොලැබුනු අතර දිවා කාලයේදී දරුවන්ට නිවෙස්වල සිටීමට නොහැකි බවට පවසමින් හඩන බවයි දලුකාන ආදිවාසීන් පෙන්වා දෙන්නේ.

තම මුතුන් මිත්තන් ද අතීතයේ ජීවත්වුයේ දිඹුලාගල කන්දේ බැවින් වර්ෂාවක් ලැබෙන තෙක් ජීවත්වීමට එම ස්ථානයට පැමිණි බව ද ඔවුන් ප්‍රකාශ කළා.



ඡායාරූප - මනම්පිටිය නිමල් ජයරත්න



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories