මයික්‍රොෆෝනය විසන්ධි වීමක් නිසා පාර්ලිමේන්තුව උණුසුම් වෙයි

Friday, 28 July 2017 - 7:41

%E0%B6%B8%E0%B6%BA%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9C%E0%B7%86%E0%B7%9D%E0%B6%B1%E0%B6%BA+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B7%92+%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8F+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80+%E0%B6%8B%E0%B6%AB%E0%B7%94%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
පෙට්‍රෝලියම් නිෂ්පාදන හා ද්‍රව වායු ඇතුලූ සියලූම ඉන්ධන සැපයුම් හා බෙදා හැරීම් අත්‍යාවශ්‍ය සේවාවන් බවට පත් කරමින් ජනාධිපතිවරයා විසින් නිකුත් කළ නියමය ඇතුළත් අත්‍යාවශ්‍ය මහජන සේවා පනතට අදාළ ඡන්ද විමසීම අද සිදුකිරීමට නියමිතයි.

ඊයේ ඊට අදාළ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණා.

මේ අතර, වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ප්‍රශ්න යොමුකළ අවස්ථාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධනගේ මයික්‍රොෆෝනය විසන්ධි වීම පිළිබඳව ඔහු විසින් පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කිරීමත් සමඟ උණුසුම් තත්ත්වයක් ඇතිවුණා.

එමෙන්ම, වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමු කරන ප්‍රශ්නවලට පිළිතුරු ලබාදීමේදී කල්ගත වීම පිළිබඳවද පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර ප්‍රශ්න කර සිටියා.

ඊට ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ගයන්ත කරුණාතිලකද මැදිහත් වුණා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories