කැළණිය ගම්පහ ඇතුළු ප්‍රදේශ රැසකට ඉරිදා පැය 11 ක ජල කප්පාදුවක්

Friday, 28 July 2017 - 10:44

%E0%B6%9A%E0%B7%90%E0%B7%85%E0%B6%AB%E0%B7%92%E0%B6%BA+%E0%B6%9C%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%84+%E0%B6%87%E0%B6%AD%E0%B7%94%E0%B7%85%E0%B7%94+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B6%9A%E0%B6%A7+%E0%B6%89%E0%B6%BB%E0%B7%92%E0%B6%AF%E0%B7%8F+%E0%B6%B4%E0%B7%90%E0%B6%BA+11+%E0%B6%9A+%E0%B6%A2%E0%B6%BD+%E0%B6%9A%E0%B6%B4%E0%B7%8A%E0%B6%B4%E0%B7%8F%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
විදුලිබල මණ්ඩලයේ අත්‍යාවශ්‍ය අලූත්වැඩියා කටයුත්තක් හේතුවෙන් ලබන ඉරිදා පැය 11 ක කාලයක් කැළණිය, පෑලියගොඩ, වත්තල ඇතුළු ප්‍රදේශ රැසකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා.

ඒ අනුව, එදින පෙරවරු 8 සිට පස්වරු 7 දක්වා මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවයි එම මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ.

කැළණිය, වත්තල, බියගම, මහර, ජා-ඇල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශවලට සහ පෑලියගොඩ, වත්තල, ජා-ඇල, කටුනායක - සීදූව නගර සභා බල ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ඇති. එමෙන්ම, දොම්පේ ප්‍රාදේශීය සභාවට අයත් දෙකටන, නාමළුව හා ගම්පහ ප්‍රාදේශීය සභාවට අයත් ඉහළ යාගොඩ, පහළ යාගොඩ, වැලිවේරිය සහ රතුපස්වල ප්‍රදේශවලට මෙන්ම බියගම ආයෝජන කලාපයට ද ජල සැපයුම අදාළ කාලසීමාවේදී ජල සැපයුම අත්හිටුවන බවයි ජල සම්පාදන මණ්ඩලය නිවේදනය කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories