පාකිස්තාන අගමැති තරඟයට නවාස් ශරීෆ්ගේ සොහොයුරා ඉදිරිපත් කරන ලකුණු

Saturday, 29 July 2017 - 14:06

%E0%B6%B4%E0%B7%8F%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B1%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B7%8A+%E0%B7%81%E0%B6%BB%E0%B7%93%E0%B7%86%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B7%83%E0%B7%9C%E0%B7%84%E0%B7%9C%E0%B6%BA%E0%B7%94%E0%B6%BB%E0%B7%8F+%E0%B6%89%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1+%E0%B6%BD%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94
පාකිස්තාන අගමැති නවාස් ශරීෆ්ට එරට අග්‍රාමාත්‍ය ධුරය දැරිය නොහැකි බවට ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුවෙන් පසු ඔහු ඊයේ ඉල්ලා අස්වුණා.

ඒ අනුව 2018 වසරේ පැවැත්වෙන පාකිස්තාන මහමැතිවරණය සඳහා නවාස් ශරීෆ්ගේ සොහොයුරු ශබාස් ශරීෆ් ඉදිරිපත් කිරීම පිළිබදව පාකිස්තාන මුස්ලිම් ලීගයේ අවධානය යොමු වී තිබෙනවා.

65 හැවිරිදි ශබාස් ශරීෆ් පාකිස්තානයේ වඩාත් ජනාකීර්ණ පන්ජාබ් ප්‍රාන්තයේ ප්‍රධාන අමාත්‍යවරයායි.

කෙසේ නමුත්, ඔහුට පාකිස්තානයේ නායකත්වය දැරීමට නම් මුලින් එරට ජාතික සභාවට තේරී පත්විය යුතුයි.

මේ නිසා පාකිස්තානයට අන්තර්වාර අගමැතිවරයෙකු කඩිනමින් පත් කරනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories