උඩරට දුම්රිය මාර්ගයේ බෝක්කුවක් යට කාන්තා මළ සිරුරක්

Saturday, 29 July 2017 - 15:14

%E0%B6%8B%E0%B6%A9%E0%B6%BB%E0%B6%A7+%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B6%E0%B7%9D%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BA%E0%B6%A7+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F+%E0%B6%B8%E0%B7%85+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A
උඩරට දුම්රිය මාර්ගයේ උඩුවර හා හාලිඇල දුම්රිය ස්ථාන අතර පිහිටි කළුපාලමට නුදුරින් පිහිටි බෝක්කුවක් යට තිබී කාන්තා මළ සිරුරක් හමුවී තිබෙනවා.

පොලිසියට ලැබුණු තොරතුරකට අනුව මෙම මළ සිරුර සොයා ගෙන ඇති බව සදහන්.

මළ සිරුර සම්බන්ධයෙන් වන මහේස්ත්‍රාත් පරීක්ෂණය බදුල්ල වැඩබලන මහේස්ත්‍රාත් ආනන්ද මොරගොඩ ඉදිරියේ අද පවත්වනු ලැබුවා.

එහිදී දේහය කන්දේ ගෙදර පතනවත්ත ප්‍රදේශයේ පදිංචි 69 හැවිරිදි කාන්තාවකගේ බවට ඇයගේ පුතෙකු විසින් හදුනාගෙන ඇති අතර දේහය තිබූ ස්ථානයේ තිබී වස බෝතලයක් ද හමුවූ බැවින් මෙය සියදිවි නසා ගැනීමක් බවට පොලිසිය සැක පළ කරනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories