Hirunews Logo
%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1+%E0%B6%A2%E0%B6%BD%E0%B7%8F%E0%B7%81%E0%B7%80%E0%B6%BD+%E0%B6%A2%E0%B6%BD+%E0%B6%B8%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B6%B8+%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B6%A7+14%E0%B6%A7+%E0%B6%B6%E0%B7%83%E0%B7%93
Saturday, 12 August 2017 - 13:35
ප්‍රධාන ජලාශවල ජල මට්ටම සියයට 14ට බසී
5,159

Views
දිවයිනේ දිස්ත්‍රික්ක 19කට බලපෑ වියළි කාලගුණය හේතුවෙන් පවුල් තුන්ලක්ෂ 60,487කට අයත් පුද්ගලයින් දොළොස් ලක්ෂ 42,140ක් පීඩාවට පත්ව තිබෙනවා.

ඉන් වැඩිම පිරිසක් පීඩාවට පත්ව ඇත්තේ උතුරු පළාතෙන් වන අතර එය පුද්ගලයින් පන්ලක්ෂ තුන්දාස් 183ක්.

මෙම වියළි කාලගුණ තත්වය හේතුවෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් ප්‍රධාන සහ මධ්‍යම ජලාශ 73හි ජල ධාරිතාව සියයට 14ක මට්ටමක පවතින බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ සහකාර වාරිමාර්ග අධ්‍යක්‍ෂ ටී.පී. අල්විස් හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.

එමෙන්ම දිවයිනේ යල කන්නයේ කුඹුරු හෙක්ටයාර ලක්ෂ 04ක් වගා කරන අතර මෙම වියළි කාලගුණ තත්වය හේතුවෙන් වගා කිරීමට හැකිව ඇත්තේ කුඹුරු හෙක්ටයාර ලක්ෂ 2ක් පමණයි.

අනුරාධපුර සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලට ජලය බෙදා හැරීමේ කටයුතු බවුසර් මගින් නිසි පරිදි සිදුකරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ප්‍රකාශ කළා.

මේ අතර, විදුලිබලය නිෂ්පාදනය කරන ජලාශවල ජල මට්ටම සියයට 39.7ක් දක්වා අඩු වී ඇති බව විදුලිබල අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියා.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවසුවේ තම දෙපාර්තමේන්තුව යටතේ පවතින සියලුම වැව් හා ජලාශවල ජලය නිකුත් කිරීම ද අත්හිටුවා ඇති බවයි.

අම්පාර දිස්ත්‍රික්කයේ විශාලතම ජලාශයක් වන සේනානායක සමුද්‍රයේ ජලය පිරී පවතින අවස්ථාවේදී සමස්ත ජල ධාරිතාව මීටර් 33.54 ක් වන අතර, මේවන විට එය මීටර් 12.47 ක් දක්වා පහළ බැස තිබෙනවා.

මේ අතර, අම්පාර දිස්ත්‍රික්කයේ අනෙකුත් සියලු ජලාශයන්හි ජල මට්ටම්ද මේවන විට පවතින්නේ ඉතා ස්වල්ප තත්ත්වයකයි.

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පරාක්‍රම සමුද්‍රයේ ජල මට්ටම මීටර් 7.97 වන අතර, යඑ මේවන විට මීටර 2.82 ක් දක්වා පහත බැස තිබෙනවා.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ තත්ත්වය ද මේහා සමාන වන අතර, රාජාංගනය ජලාශයේ ජල මට්ටම මීටර් 10.67 සිට මීටර් 7.1 ක් දක්වා පහළ බැස තිබෙනවා.

තිසා වැව සහ නුවර වැව යන අනුරාධපුර දිස්ත්‍රික්කයේ සෙසු ප්‍රධාන වැව් දෙකේ ජල මට්ටම්ද මේවන විට පවතින්නේ මීටර් 4 කට අඩු මට්ටමකයි.

හම්බන්තොට දිස්ත්‍රික්කයේද ප්‍රධාන සියලු වැව්වල ජල මට්ටම් මේවන විට ඉතා පහළ අගයකට පැමිණ ඇති අතර, මීටර් 4.76 වන තිසාවැවේ ජල මට්ටම පහළ බැස ඇත්තේ මීටර් 0.89 ක් දක්වායි.

පුත්තලම දිස්ත්‍රික්කයේ තබ්බෝව වැවේ මීටර් 5.49 ක් වන ජල මට්ටම මීටර් 3.05 ක් දක්වාත්, ඉඟිනිමිටිය ජලාශයේ ජල මට්ටම මීටර් 6.71 සිට මීටර් 0.79 ක් දක්වා පහළ බැස තිබෙනවා.

මේ අතර, හම්බන්තොට දිස්ත්‍රික්කයේ ලුණුගම්වෙහෙර, රිදීගම, බඳගිරිය යන ප්‍රධාන ජලාශයන්ගේද ජල මට්ටම් පහත බැස ඇති අතර, තිසා වැව, යෝධ වැව ආදී ප්‍රධාන වැව් රැසකම ජල මට්ටම් පහළ තත්ත්වයක පවතින අයුරු දැකගත හැකියි.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
පෙත්තගම පුරාණ රජමහා විහාර රක්ෂිතයේ මහා පරිමාණයේ දැවජාවාරමක්
Wednesday, 11 October 2017 - 11:23
පුත්තලම,මහකුඹුක්කඩවල ප්‍රදේශයේ පිහිටා ඇති ඵෛතිහාසික මෙන්ම පෞරාණික වැදගත්කමකින් සමන්විත පෙත්තගම... Read More
News Image
Hiru News Programme Segments
182 Views
15,150 Views
5,358 Views
3,750 Views
421 Views
12,907 Views
Top