Hirunews Logo
%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%BD+%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%9C%E0%B6%A7%E0%B7%94%E0%B6%B4%E0%B7%85%E0%B6%A7+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
Saturday, 12 August 2017 - 13:41
මත්තල ගුවන් තොටුපළට ඉන්දියාවෙන් යෝජනාවක්
93

Shares
11,205

Views
ශ්‍රී ලංකාවේ දෙවන ජාත්‍යන්තර ගුවන් තොටුපළ වන මත්තල ගුවන් තොටුපළ මෙහෙයවීම, කළමනාකරණය, නඩත්තුව සහ සංවර්ධනය සඳහා ඉන්දියාව ඉදිරිපත් වී සිටින බව හින්දු පුවත්පත වාර්තාවක් ගොනු කරමින් අනාවරණ කළා.

චීනය බහුතර හිමිකාරත්වයක් අත්පත් කර ගත් හම්බන්තොට වරායට නුදුරින් පිහිටි මත්තල ගුවන් තොටුපළේ ආයෝජනයට ඉන්දියාව ඉදිරිපත්වීම ක්‍රමෝපාය පියවරක් ලෙසයි එමගින් හැදින්වූයේ.

මත්තල ගුවන් තොටුපළේ ඇමරිකානු ඩොලර් මිලියන 205ක් ආයෝජනය කිරීම සඳහා වන ඉන්දීය රජයේ යෝජනාව මේ වන විටත් ලක් රජය වෙත ලබාදී ඇති බවයි හින්දු පුවත්පත සඳහන් කළේ.

එමගින් ඉන්දියාව යෝජනා කර ඇත්තේ ගුවන් තොටුපළේ සියයට 70ක හිමිකාරත්වයක් වසර 40ක කාලයක් සඳහා ලබා ගැනීමටයි.

ලක් රජය විසින් ඩොලර් මිලියන 88ක ආයෝජනයක් සිදුකරනු ඇතැයි ඉන්දියාව අපේක්ෂා කරනවා.

ඉන්දියානු යෝජනාව සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීම සඳහා කමිටුවක් පිහිටුවීමට ප්‍රවාහන සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ඉදිරිපත් කළ යෝජනාව පසුගිය අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමත වී ඇති බවයි හින්දු පුවත්පත වැඩිදුරටත් සඳහන් කළේ.

මත්තල ගුවන් තොටුපළ 2010 වසරේ පසුගිය රජය සමයේදී ඉදිකරනු ලැබුයේ චීන රජයෙන් ලබා ගත් ණය මුදල්වලින්.

අප කළ විමසීමකදී ප්‍රවාහන සහ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ කියා සිටියේ මත්තල ගුවන් තොටුපළ සඳහා වඩාත් ශක්‍යතාවක් සහිත යෝජනාවක් ඉදිරිපත් කර ඇත්තේ ඉන්දියාව බවයි.

ඒ අනුව ලක් රජය ඔවුන් සමඟ සාකච්ඡා පවත්වමින් සිටින බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා තහවුරු කළා.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
මඩු දේව මෑණියන්ගේ ආශිර්වාදය ලබා ගන්න ලක්ෂ හතක ජනතාවක් (ඡායාරූප)
Tuesday, 15 August 2017 - 16:41
මන්නාරම මඩු දේවස්ථානයේ මංගල්ලය අගරදගුරු අතිපූජ්‍ය මැල්කම් රංජිත් කාදිනල් පියතුමා ඇතුළු රදගුරු... Read More
News Image
Hiru News Programme Segments
1,020 Views
9,849 Views
4,685 Views
1,623 Views
167 Views
4,994 Views
Top