Hirunews Logo
%E0%B6%A2%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%8F+%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%B1%E0%B6%82%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%B6%E0%B6%BD+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+-+%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%2C+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%E0%B7%8A+%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92
Saturday, 12 August 2017 - 13:44
ජිනිවා යෝජනා ක්‍රියාවට නංවන්න ශ්‍රී ලංකාවට බල කරන්න - විපක්ෂ නායක, සම්බන්ධන් ඇමරිකාවෙන් ඉල්ලයි
20

Shares
2,409

Views
ශ්‍රී ලංකාවේ සම අනුග්‍රාහකත්වයෙන් 2015 වසරේ ඔක්තෝම්බර් 01 වන දා ජිනිවා මානව හිමිකම් කොමිසමේදී සම්මත වූ යෝජනාව මුළුමනින්ම ක්‍රියාවට නැංවීම සහතික කිරීමට පියවර ගන්නැයි විපක්ෂ නායක ආර්. සම්බන්ධන් ඇමරිකාවෙන් ඉල්ලා සිටිනවා.

ඒ සඳහා ලක් රජයේ වගකීම සහ කැපවීම අත්‍යවශ්‍ය බවයි ඇමරිකානු කොංග්‍රස් සභිකයන් පිරිසක් හමුවූ අවස්ථාවේදී ඔහු පවසා ඇත්තේ.

ඇමරිකානු කොංග්‍රස් සභිකයන් පිරිස ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිවරයා සමඟ විපක්ෂ නායක ආර්. සම්බන්ධන් සහ දෙමළ සන්ධානයේ ප්‍රකාශක එම්.ඒ. සුමන්දිරන් මන්ත්‍රීවරයා හමුවූයේ පසුගිය බ්‍රහස්පතින්දා දිනයේදියි.

ඒ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධාන නායක ආර්. සම්බන්ධන් ප්‍රකාශ කළේ ජාත්‍යන්තර ප්‍රජාවට ලබාදුන් පොරොන්දු ඉටු කිරීම ලක් රජයේ වගකීමක් බවයි.

නව ව්‍යවස්ථා කෙටුම්පත සම්බන්ධයෙන් ඇමරිකානු කොංග්‍රස් සභිකයන් හමුවේ අදහස් දැක්වූ විපක්ෂ නායක ආර්. සම්බන්ධන් එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඔවුන්ගේ දේශපාලන අනාගතය පිළිබදව වැඩි අවධානයක් යොමු කරන බවට චෝදනා කළා.

මේ නිසා නව ව්‍යවස්ථාවක් බිහිකිරීම අනවශ්‍ය ලෙස ප්‍රමාද වෙමින් පවතින බවයි ඔහු සඳහන් කර ඇත්තේ.

මෙය දෙමළ ජන කොටස වෙනුවෙන් පමණක් සිදුකරන ප්‍රකාශයක් නොවන බව පැවසූ විපක්ෂ නායකවරයා සමස්ත ශ්‍රී ලාංකිකයන්ටම වැදගත් අවස්ථාවක් මඟ හැරී යා හැකි බවයි කියා සිටියේ.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
මඩු දේව මෑණියන්ගේ ආශිර්වාදය ලබා ගන්න ලක්ෂ හතක ජනතාවක් (ඡායාරූප)
Tuesday, 15 August 2017 - 16:41
මන්නාරම මඩු දේවස්ථානයේ මංගල්ලය අගරදගුරු අතිපූජ්‍ය මැල්කම් රංජිත් කාදිනල් පියතුමා ඇතුළු රදගුරු... Read More
News Image
Hiru News Programme Segments
1,020 Views
9,849 Views
4,685 Views
1,623 Views
167 Views
4,994 Views
Top