Hirunews Logo
%E0%B6%A2%E0%B6%B4%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA+%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%BA%E0%B7%92%E0%B6%BD+%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB+%E0%B6%B4%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B6%AD%E0%B7%92+%E0%B6%B6%E0%B6%BD%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B7%92
Saturday, 12 August 2017 - 14:45
ජපානය මිසයිල ආරක්ෂණ පද්ධති බලගන්වයි
14,208

Views
උතුරු කොරියාව විසින් පැසිෆික් සාගරයේ පිහිටි ගුවාම් දිවයින දෙසට බැලිස්ටික් මිසයිල ප්‍රහාරයක් එල්ල කරන බවට තර්ජනය කර තිබියදී ජපානය සිය මිසයිල ආරක්ෂණ පද්ධති සක්‍රිය කර ඇති බව වාර්තා වනවා.

ඇමරිකානු හමුදා භටයින් 7000 ක් ඇතුළු එක්ලක්ෂ 60,000 ක් වෙසෙන ගුවාම් දිවයිනට උතුරු කොරියාවේ සිට මිසයිල එල්ල කර හැකිවන්නේ ජපානය හරහා වීම ඊට හේතුවයි.

ජපාන ආරක්ෂක අමාත්‍යාංශය අද සදහන් කළේ පේටි‍්‍රයට් වර්ගයේ අති නවීන මිසයිල ආරක්ෂණ පද්ධති ශිමනේ, හිරෝෂිමා සහ කොචී යන ප්‍රදේශවල ස්ථාන ගත කර ඇති බවයි.

එමෙන්ම, උතුරු කොරියාව සිදුකරන  ඕනෑම ප්‍රකෝපකාරි ක්‍රියාවක් නොසලකා හැරීමට සූදානම් නොමැති බව ද ජපානය අවධාරණය කළා.

මේ අතර උතුරු කොරියානු අර්බුදය සම්බන්ධයෙන් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ්, ට්‍රම්ප් චීන ජනාධිපති ෂී - ජින්පින් සමඟ අද දුරකථන සංවාදයක නිරත වුණා.

එහිදී චීන ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ අර්බුදයට සාමකාමී විසදුමක් අවශ්‍ය බවයි.

කොරියානු අර්ධද්වීපය න්‍යෂ්ටික අවි වලින් තොර කලාපයක් බවට පත් කරලීම ඇමරිකාවේ මෙන්ම චීනයේ ද අභිලාෂයක් බවයි ජනාධිපති ෂී - ජින්පින් සඳහන් කර ඇත්තේ.

එමෙන්ම කොරියානු අර්ධද්වීපයේ යුද උණුසුම අවම කරලීම සඳහා සියලූ පාර්ශවයන් ප්‍රකෝපකාරී වදන් සහ ක්‍රියාවන්වලින් වැළකී සිටිය යුතු බව චීන ජනාධිපතිවරයා අවධාරණය කළා.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
News Image
News Image
Hiru News Programme Segments
16 Views
6,142 Views
5,184 Views
4,665 Views
277 Views
38,196 Views
Top