Hirunews Logo
%E0%B7%86%E0%B7%9A%E0%B7%83%E0%B7%8A+%E0%B6%B6%E0%B7%94%E0%B6%9A%E0%B7%8A+%E0%B6%94%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B7%9A+%E0%B7%83%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B7%80%E0%B7%92%E0%B6%9A%E0%B7%92%E0%B6%AB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+34+%E0%B7%84%E0%B7%90%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%AF%E0%B7%92+%E0%B6%B6%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B3+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
Saturday, 12 August 2017 - 15:22
ෆේස් බුක් ඔස්සේ සැමියා විකිණීමට ගිය 34 හැවිරිදි බිරිඳ (ඡායාරූප)
21,327

Views
ෆේස් බුක් සමාජ ජාල මාධ්‍ය ඔස්සේ තම සැමියා අලෙවි කිරීමට ගිය කාන්තාවක් පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඇය තම ෆේස් බුක් ගිණුම තුල සටහනක් පලකරමින් පවසා ඇත්තේ ගෙදර දොර වැඩපොළ හොඳට දන්නා තම සැමියා අලෙවි කරන බවයි.

ටෙරේසා ටනර් නැමති 34 හැවිරිදි කාන්තාව රොබ් නමැති තම ස්වාමිපුරුෂයා සමඟ විවාහ වී වසර 04ක කාලයක් ගතවන බවයි වාර්තා වන්නේ.

අදාල කාන්තාව විසින් දමන ලද ෆේස් බුක් සටහනට අදහස් දක්වමින් කාන්තාවන් 300 දෙනෙකු පමණ ඔහුව මිලදී ගැනීමට කැමැත්ත පළකර ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

33 හැවිරිදි ඇයගේ සැමියා රක්ෂණ නියෝජිතයෙකු ලෙස රැකියාව කරන අයෙක්.

මෙවුන් දෙදෙනාට වයස අවුරුදු 02ක කුඩා ගැහැණු දරුවෙක් සිටින අතර ස්වාමිපුරුෂයා සමඟ ගතකරන විවාහ ජීවිතය සම්බන්ධයෙන් කලකිරීම හේතුවෙන් ඇය මෙලෙස සැමියා අලෙවි කිරීමට උත්සහගෙන ඇති බව සඳහන්.


 
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
News Image
Hiru News Programme Segments
12 Views
4,173 Views
4,551 Views
3,867 Views
85 Views
35,554 Views
Top