Hirunews Logo
%E0%B6%B6%E0%B7%94%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%9A%E0%B7%94%E0%B6%BD%E0%B6%B8%E0%B7%9A+%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
Saturday, 12 August 2017 - 15:27
බුලන්කුලමේ රිය අනතුරකින් දෙදෙනෙකු මරුට
205

Shares
24,681

Views
අනුරාධපුර - පුත්තලම මාර්ගයේ බුලන්කුලම ප්‍රදේශයේ අද (12) අලූයම සිදුවූ රිය අනතුරකින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව, හිමිනමක් ඇතුළු 5 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කෙරුණා.

පුත්තලම, තබ්බෝව ධීවර ගම්මානයේ පිරිසක් රැගෙන යමින් තිබූ ත්‍රිරෝද රථයක අනුරාධපුරයේ සිට පැමිණෙමින් තිබූ මෝටර් රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදුවූ අතර සිද්ධියෙන් මියගියේ ත්‍රිරෝද රථයේ ගමන් ගත් 16 හැවිරිදි දැරියක් සහ ඇගේ 71 හැවිරිදි මිත්තණියයි.  

මෝටර් රථයේ ගමන් ගත් නාත්තන්ඩිය - වළහපිටිය ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩවාසය කරන හිමිනම අනුරාධපුර භික්ෂු විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන බවයි වාර්තා වන්නේ.

එම හිමිනම මෝටර් රථයේ රියදුරා ත්‍රිරෝද රථයේ ගමන් ගත් අවුරුදු එකහමාරක දැරියක්, ගැබිණි කාන්තාවක් සහ එහි රියදුරා ද සිද්ධියෙන් තුවාල ලැබුවා.

අනතුර සිදුකළ මෝටර් රථය, තවත් ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා පිරිසක් රැගෙන ඉදිරියෙන් ගමන් කරමින් තිබූ වෑන් රථයක් අපරීක්ෂාකාරි ලෙස පසුකිරීමට යාමේදී ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි ත්‍රිරෝද රථයේ ගැටී ඇති බවයි පොලිසිය සදහන් කළේ.  

මෝටර් රථයේ රියදුරු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර, අනතුර සිදුවන අවස්ථාවේදී මත්පැන් පානය කර සිටියේ ද යන්න තහවුරු කර ගැනීම සදහා ඔහුව වෛද්‍ය පරීක්ෂණයකට යොමුකර තිබෙනවා.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
පෙත්තගම පුරාණ රජමහා විහාර රක්ෂිතයේ මහා පරිමාණයේ දැවජාවාරමක්
Wednesday, 11 October 2017 - 11:23
පුත්තලම,මහකුඹුක්කඩවල ප්‍රදේශයේ පිහිටා ඇති ඵෛතිහාසික මෙන්ම පෞරාණික වැදගත්කමකින් සමන්විත පෙත්තගම... Read More
News Image
Hiru News Programme Segments
182 Views
15,150 Views
5,358 Views
3,750 Views
421 Views
12,907 Views
Top