Hirunews Logo
%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BA+%E0%B6%B6%E0%B6%BD%E0%B6%9A%E0%B7%8F%E0%B6%BA+%E0%B7%83%E0%B7%84+%E0%B6%85%E0%B6%B4%E0%B6%BB%E0%B7%8F%E0%B6%B0+%E0%B6%9A%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B6%BB+%E0%B7%80%E0%B7%99%E0%B6%A9%E0%B7%92+%E0%B7%84%E0%B7%94%E0%B7%80%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
Saturday, 12 August 2017 - 18:09
විශේෂ කාර්ය බලකාය සහ අපරාධ කල්ලියක් අතර වෙඩි හුවමාරුවක්
551

Shares
66,180

Views
මීගමුව - කුරණ මංසන්ධියේදී පොලිස් විශේෂ කාර්ය බලකාය සහ කොල්ලකරුවන් පිරිසක් අතර අද (12) පස්වරුවේ වෙඩි හුවමාරුවක් සිදුව තිබෙනවා.

එහිදී තුවාල ලැබූ කොල්ලකරුවන් දෙදෙනෙකු මීගමුව රෝහලට ඇතුළත් කෙරුණු අතර තවත් දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර ප්‍රකාශ කළේ.

පොලිස් විශේෂ කාර්ය බලකායට කොල්ලකරුවන් පිරිසක් වෑන් රථයකින් මීගමුව දෙසට ගමන් කරන බවට තොරතුරක් ලැබී තිබුණා.

ඒ අනුව ලූහුබැද ගිය පොලිස් විශේෂ කාර්ය බලකාය වෑන් රථය හරස් කර සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට සූදානම් වීමත් සමග ඔවුන් වෙඩි තබා තිබෙනවා.

ඒ සමගම පොලිස් විශේෂ කාර්ය බලකායේ සෙබලූන් ද වෙඩි තබා ඇති බවයි හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් පොලිස් විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ් ප්‍රකාශ කළේ.

වෙඩි හුවමාරුවේදී තුවාල ලැබූ කොල්ලකරුවන් දෙදෙනා පොලිස් ආරක්ෂාව යටතේ මේ වනවිට මීගමුව මූලික රෝහලේ ප්‍රතිකාර ලබන අතර වෑන් රථයේ තිබී අවි ආයුධ තොගයක් ද පොලිසිය සිය භාරයට ගෙන තිබෙනවා.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
මඩු දේව මෑණියන්ගේ ආශිර්වාදය ලබා ගන්න ලක්ෂ හතක ජනතාවක් (ඡායාරූප)
Tuesday, 15 August 2017 - 16:41
මන්නාරම මඩු දේවස්ථානයේ මංගල්ලය අගරදගුරු අතිපූජ්‍ය මැල්කම් රංජිත් කාදිනල් පියතුමා ඇතුළු රදගුරු... Read More
News Image
Hiru News Programme Segments
1,020 Views
9,849 Views
4,685 Views
1,623 Views
167 Views
4,994 Views
Top