Hirunews Logo
%E0%B7%80%E0%B7%90%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD+%E0%B6%AF%E0%B7%9A%E0%B7%80%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA%E0%B7%9A+%E0%B6%8B%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B7%80%E0%B6%BA+%E0%B6%85%E0%B6%AD%E0%B6%BB%E0%B6%AD%E0%B7%94%E0%B6%BB+%E0%B6%85%E0%B7%80%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B7%94+10%E0%B6%9A+%E0%B6%AF%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
Sunday, 13 August 2017 - 16:00
වැල්ල දේවාලයේ උත්සවය අතරතුර අවුරුදු 10ක දරුවෙක් අතුරුදන් (ඡායාරූප)
30,837

Views
සාමනේර හිමියන් සිව් නමක් සමඟ ගාල්ල, වැල්ල දේවාලයේ පැවැත්වෙන උත්සවයකට සහභාගී වීම සදහා ගිය කුඩා දරුවෙක් ඉකුත් 10 වන දින රාත්‍රියේ සිට අතුරුදන්ව ඇති බව වර්තා වනවා.

ගාල්ල, බටදූව, මහගෙදර වත්ත ලිපිනයේ පදිංචිව සිටි වයස අවුරුදු 10ක් වන මලීෂ නවීන් ප්‍රිය නමැති දරුවා මෙලෙස අතුරුදන්ව ඇති බවටයි ඔහුගේ දෙමව්පියන් පවසන්නේ.

පසුගිය 10 වන දින එම දරුවා ඉගනුම ලබන ගාල්ල යටගල රජමහා පිරිවෙනෙහි වැඩ වසන සාමනේර හිමිවරුන් සිව් දෙනෙක් සමඟ ගාල්ල වැල්ලදේවාලයේ උත්සවය සදහා සහභාගී වීමට ගොස් ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.

එදින රාත්‍රී 10ට පමණ දරුවා අතුරුදන්ව ඇති බවටයි පොලිසිය පැවසුවේ.

දරුවාගේ අතුරුදන් වීම සම්බන්ධයෙන් සාමනේර හිමිවරුන් පිරිවෙනාධිපති හිමියන් දැනුවත් කිරීමෙන් අනතුරුව පිරිවෙනාධිපති හිමියන් විසින් 11 දින සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල, හබරාදුව පොලීසිය වෙත පැමිණිලි කර තිබෙනවා.

හබරාදුව පොලීසියෙන් අප කළ විමසීමකදී එහි නිලධාරිනියක් ප්‍රකාශ කළේ දරුවාගේ අතුරුදන් වීම සම්බන්ධයෙන් මේ වනවිට පරීක්ෂණ පවත්වන බවයි.

අදාල දරුවාගේ දෙමාපියන් පවුල් ආරවුලක් හේතුවෙන් මේ වන විට වෙන්ව ජීවත්වන බැවින් මහන කරවීම සඳහා දරුවා යටගල රජමහා පිරිවෙන වෙත භාර දී ඇති බවයි වාර්තා වන්නේ.

වැල්ලේ දේවලයේ උත්සවයට එක්වු අවස්ථාවේ දී  දරුවාගේ ඥාති පිරිසක් දරුවාට මුණ ගැසිඇති බවටද තොරතුරු වාර්තා වනවා.



ඡායාරූප - අම්බලන්තොට, අජිත් පුෂ්පකුමාර
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
පෙත්තගම පුරාණ රජමහා විහාර රක්ෂිතයේ මහා පරිමාණයේ දැවජාවාරමක්
Wednesday, 11 October 2017 - 11:23
පුත්තලම,මහකුඹුක්කඩවල ප්‍රදේශයේ පිහිටා ඇති ඵෛතිහාසික මෙන්ම පෞරාණික වැදගත්කමකින් සමන්විත පෙත්තගම... Read More
News Image
Hiru News Programme Segments
475 Views
296 Views
5,390 Views
3,891 Views
5 Views
13,345 Views
Top