Hirunews Logo
%E0%B6%AD%E0%B7%92%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B6%B4%E0%B6%B1+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B6%85%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B0%E0%B7%94%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%AF%E0%B7%93%E0%B6%B8+%E0%B6%85%E0%B6%AF
Monday, 14 August 2017 - 7:08
තිලක් මාරපන විදේශ අමාත්‍ය ධුරයේ දිවුරුම් දීම අද
168

Shares
20,245

Views
රවී කරුණානායක ඉල්ලා අස්වීමෙන් හිස් වූ විදේශ කටයුතු අමාත්‍ය ධුරයේ අද සංවර්ධන කාර්යභාර අමාත්‍ය තිලක් මාරපන දිවුරුම්දීමට නියමිතයි.

මේ පිළිබද හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල කියා සිටියේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද පෙරවරුවේ මෙම දිවුරුම් දීම සිදුවන බවයි.

පසුගිය බ්‍රහස්පතින්දා රවී කරුණානායක අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසුව විදේශ අමාත්‍ය ධුරය සදහා අමාත්‍යවරුන් කිහිපදෙනෙකුගේ නම් යෝජනා වී තිබුණා.

සාගල රත්නායක, හර්ෂ ද සිල්වා සහ නවීන් දිසානායක එම අමාත්‍යවරුන් අතරට ඇතුළත්.

මේ අතර, බිම්ස්ටෙස් ජාත්‍යන්තර සමුළුවට සහභාගි වී යළි ශ්‍රී ලංකාවට පැමිණි විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායකගෙන් මාධ්‍යවේදීන් ඊයේ මේ පිළිබදව විමසීමක් කළා.

එහිදී ඔහු කියා සිටියේ වැඩබලන අමාත්‍යවරයා ලෙස තිලක් මාරපන අමාත්‍යවරයා පත් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවති බවයි.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
පෙත්තගම පුරාණ රජමහා විහාර රක්ෂිතයේ මහා පරිමාණයේ දැවජාවාරමක්
Wednesday, 11 October 2017 - 11:23
පුත්තලම,මහකුඹුක්කඩවල ප්‍රදේශයේ පිහිටා ඇති ඵෛතිහාසික මෙන්ම පෞරාණික වැදගත්කමකින් සමන්විත පෙත්තගම... Read More
News Image
Hiru News Programme Segments
475 Views
296 Views
5,390 Views
3,891 Views
5 Views
13,345 Views
Top