පාට වෙනස් කිරීම ගැන පැය 3 ක් ප්‍රශ්න කළ බව - යෝෂිත කියයි

Wednesday, 16 August 2017 - 19:23

%E0%B6%B4%E0%B7%8F%E0%B6%A7+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B4%E0%B7%90%E0%B6%BA+3+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%81%E0%B7%8A%E0%B6%B1+%E0%B6%9A%E0%B7%85+%E0%B6%B6%E0%B7%80+-+%E0%B6%BA%E0%B7%9D%E0%B7%82%E0%B7%92%E0%B6%AD+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද පැය 3 ක පමණ කාලයක් ප්‍රශ්න කළා.

ඒ, පසුගිය රජය සමයේ සිරිලිය සවිය පදනමට ලබාදී තිබූ ඩිෆෙන්ඩර් රථයක් සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනයට අදාළවයි.

මේ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂගෙන්ද පැය 3 කට ආසන්න කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශයක් සටහන් කරගත්තා.

අද පෙරවරු 10.15 ට පමණ යෝෂිත රාජපක්ෂ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි අතර, ඔහු සමග හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුලූ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක්ද එම ස්ථානයට පැමිනියා.

ප්‍රකාශය ලබාදී  දහවල් 1.15 ට පමණ යෝෂිත රාජපක්ෂ ඉන් පිටතට පැමිණියා. මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂද එක්ව සිටියා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories