එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී ඇමති විජේදාස දැඩි විවේචනයට

Thursday, 17 August 2017 - 14:10

%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4+%E0%B6%9A%E0%B7%98%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%93+%E0%B6%B8%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B6%BD%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B7%80%E0%B7%92%E0%B6%A2%E0%B7%9A%E0%B6%AF%E0%B7%8F%E0%B7%83+%E0%B6%AF%E0%B7%90%E0%B6%A9%E0%B7%92+%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B7%9A%E0%B6%A0%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7
එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමේ දී මූලික කරුණු දෙකක් සම්බන්ධයෙන් අවධානය යොමුවූ බව රාජ්‍ය අමාත්‍ය රවීන්ද්‍ර සමරවීර ප්‍රකාශ කළා.

ඒ පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ පැවති කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

නඩු කටයුතු ප්‍රමාදවීම සහ ඇතැම් ඇමතිවරුන් සාමූහික වගකීම බිද දමමින් කටයුතු කිරීම සම්බන්ධයෙන් කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී සාකච්ඡා කළ බවයි ඔහු කියා සිටියේ.

කෙසේවෙතත් නියෝජ්‍ය අමාත්‍ය හර්ෂද සිල්වා සිය ට්විටර් ගිණුමේ සඳහන් කර ඇත්තේ අධිකරණ හා බුද්ධසාසන ඇමති විජේදාස රාජපක්ෂගේ ක්‍රියා කලාපය පැය 2ක් තිස්සේ විවේචනයට ලක්වූ බවයි.

ඒ, මැතිවරණයේදී පොරොන්දු වූ පරිදි දූෂණ වංචා සම්බන්ධ නඩු කඩිනම් කිරීමට පියවර නොගත්තේයැයි පවසමින්.

පැය දෙකක් තිස්සේ පැවැති කථිකාවෙන් පසු විජයදාස රාජපක්ෂඅමාත්‍යවරයා කියා ඇත්තේ තමා කිසිදු වරදක් කර නොමැති බවයි.
 
දූෂණ චෝදනා සම්බන්ධ නඩු කඩිනම් කිරීම සඳහා තමාට කළ හැකි දෙයක් නැති බව අමාත්‍යවරයා ප්‍රකාශ කළ ද  එය කිසිවකු පිළිනොගත් බව නියෝජ්‍ය ඇමැති හර්ෂද සිල්වා ට්විටර් ගිනුමේ සටහන් කර තිබෙනවා.
 
එම ට්විටර් සටහන් අනුව හම්බන්තොට ගිවිසුම අවසන් කරන තුරු ආපසු නොහැරෙන බවට ප්‍රකාශයක් තමා නොකළ බවයි විජයදාස රාජපක්ෂ අමාත්‍යවරයා පවසා ඇත්තේ.

රැස්වීම අවසානයේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හා අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ පමණක් සාකච්ඡාවක් සඳහා වෙනත් ස්ථානයකට ගිය බව ද වාර්තා වනවා.

කෙසේ වෙතත් සාමුහික වගකීම කඩකරන අය ගැන දැඩි තීන්දු ගන්නා බවට එක්සත් ජාතික පක්ෂ මහලේකම් රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන ඇමති කබීර් හසීම් සඳහන් කර තිබෙනවා.

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම සඳුදා (21) රැස් වීමට නියමිතයි.

එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යධිකාරී මණ්ඩල රැස්වීම සිරිකොත එම පක්ෂ මූලස්ථානයේදී අද (17) පෙ ව  10.30ට පමණ ආරම්භ වුනා.

කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයෙක් පැවසුවේ විජේදාස රාජපක්ෂ අමාත්‍යවරයා අධිකරණ අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වේවි යයි තමන් සිතන බවයි.

ඔහුට බුද්ධසාසන අමාත්‍ය ධුරය සමග තවත් අමාත්‍ය ධුරයක් ලබා දීමට යෝජනා වූ බවද ඔහු සඳහන් කළා.

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාට හෝ අජිත් පී පෙරේරාට අධිකරණ අමාත්‍ය ධුරය දෙන්නයි යෝජනා කළ බවයි ඔහු පැවසුවේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories