එජාප කෘත්‍යාධිකාරි මණ්ඩලයේදී ඇමති විජේදාස ගැන අවසන් තීන්දුවක් නැහැ

Thursday, 17 August 2017 - 19:41

%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4+%E0%B6%9A%E0%B7%98%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%92+%E0%B6%B8%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B6%BD%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B7%80%E0%B7%92%E0%B6%A2%E0%B7%9A%E0%B6%AF%E0%B7%8F%E0%B7%83+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90
අද (17) පැවති එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩල හමුවේදි අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ සම්බන්ධයෙන් තීරණයක් ගෙන නොමැති අතර ලබන සදුදා ඒ පිලිබදව විශේෂ තීන්දු කිහිපයක් ගන්නා බව පක්ෂ මහ ලේකම් අමාත්‍ය කබීර් හෂිම් සදහන් කලා.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ කෘත්‍යාධිකාරි මණ්ඩල හමුවෙන් පසු සිරිකොත පක්ෂ මුලස්ථානයේ කැදවා තිබු මාධ්‍ය හමුවකට එක්වෙමින්.

අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් විශ්වාසය තැබිය නොහැකි බවට එක්සත් ජාතික පක්ෂ පසුපෙළ මන්ත්‍රිවරුන් විසින් ඉදිරිපත් කළ යෝජනාවක් ද අද කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී ඒකමතිකව සම්මත වුණා.

එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම සිරිකොත පක්ෂ මුලස්ථානයේදී අද පැවැත්වුණේ එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්.

එම රැස්වීමට අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා ද එක්ව සිටියා.

අද පෙරවරු 9 ට පමණ ආරම්භ වූ රැස්වීම පැය 3 කට ආසන්න කාලයක් පැවැත්වුණා.

එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයත් පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමත් එකවිට රැස්වීම අද දක්නට ලැබුණු විශේෂත්වයක්.

මෙහිදී අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාට එක්සත් ජාතික පක්ෂ පසුපෙළ මන්ත්‍රීවරුන්ගෙන් දැඩි විරෝධයක් එල්ල වී තිබෙනවා.

ඒ, පසුගිය රජයේ දූෂණ හා වංචාවලට සම්බන්ධ පිරිස්වලට එරෙහිව නෛතික ක්‍රියාමාර්ග ගැනීම ප්‍රමාද වීම සම්බන්ධයෙන්.

එහිදී අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පවසා ඇත්තේ අධිකරණ කටයුතු සම්බන්ධයෙන් මැදිහත් වීමේ හැකියාවක් අමාත්‍යවරයා ලෙස තමන්ට නොමැති බවයි.

මේ අතර, කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්විමෙන් අනතුරුව පිටතට පැමිණි එක්සත් ජාතික පක්ෂ නියෝජිතයන් එහි තිරණ සම්බන්ධයෙන් මාධ්‍යයට අදහස් පළ කළා.

මේ අතර, අග්‍රාමාත්‍යවරයාගේ පාර්ලිමේන්තු දිවියට වසර 40 ක් සැපිරිම නිමිත්තෙන් ගී‍්‍රන් බ්ලඞ් සංවිධානය විසින් ඉදිකල නිවසක් භාරදිමේ උත්සවයක්ද අද සංවිධානය කර තිබු අතර ඊට සහභාගි වන ලෙස අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනයක් මගින් මාධ්‍ය වෙත ආරධනාවක්ද කර තිබුනා.

එම උත්සවය නියමිත වේලාවට ආරම්භ නොවීම නිසා මාධ්‍යවේදින් දිගු වේලාවක් සිරිකොත පක්ෂ මුලස්ථානයේ මාධ්‍ය හමු පැවත්වෙන කාර්යාල කාමරයේ රදවා තැබිමටයි එහි කාර්ය මණ්ඩලය පියවර ගත්තේ. 

එය ආවරණය කිරීමට පැමිණි මාධ්‍යවේදීන්ට ඔවුන් රැදී සිටි ස්ථානයෙන් පිටතට යැමට හෝ අවස්ථාවක් ලබාදුන්නේ නැහැ.

කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්විමෙන් අනතුරුව එහි පැමිණි එක්සත් ජාතික පක්ෂ මහලේකම්වරයා සදහන් කළේ මාධ්‍ය හමුවක් සදහා අද ආරාධනා කර නොතිබූ බවයි.

එහිදි තමන්ව දිගු වේලාවක් රදවා තබා සිටිම පිලිබද මාධ්‍යවේදින් අමාත්‍යවරුන්ගෙන් ප්‍රශ්න කල අතර පක්ෂ මහලේකම් අමාත්‍ය කබීර් හෂිම් එහිදි මාධ්‍යවේදින්ගෙන් සමාව අයැද සිටියා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories