ස්පාඤ්ඤයේ බාසිලෝනා නුවරට එල්ලවු ප්‍රහාරයකින් 13 ක් මරුට

Friday, 18 August 2017 - 6:22

%E0%B7%83%E0%B7%8A%E0%B6%B4%E0%B7%8F%E0%B6%A4%E0%B7%8A%E0%B6%A4%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B6%E0%B7%8F%E0%B7%83%E0%B7%92%E0%B6%BD%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%BB%E0%B6%A7+%E0%B6%91%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%80%E0%B7%94+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+13+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
ස්පාඤ්ඤයේ බාසිලෝනා නුවරට එල්ලවු ප්‍රහාරයකින් පුද්ගලයන් 13 දෙනෙකු මියගොස් තිබෙනවා.

වෑන් රථයක් ජනතාව රැඳී සිටි ස්ථානයකට ධාවනය කරවීමෙනුයි මෙම ප්‍රහාරය එල්ලකර ඇත්තේ.

තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති අතර අයි එස් සංවිධානය ප්‍රහාරයේ වගකීම භාරගෙන ඇතැයි විදෙස් පුවත් සේවා සඳහන් කළා.

ස්පාඤ්ඤ අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශකර ඇත්තේ මෙය ජිහාඩ් සංවිධාන ප්‍රහාරයක් බවටයි.

සිද්ධියට අදාළව මේ වන විට පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කෙසේවෙතත් වෑන් රථයේ රියදුරා පළාගොස් ඇති අතර ඔහු සොයා මෙහෙයුම් ක්‍රියාත්මක බවයි බාසිලෝනා ආරක්ෂක අංශ සඳහන් කර ඇත්තේ.

මේ අතර ස්පාඤ්ඤයේ කැම්බ්රිල්ස් ප්‍රදේශයේදී තවත් ප්‍රහාරයක් ව්‍යර්ත කිරීමට ආරක්ෂක අංශ සමත්වී තිබෙනවා.

එහිදී පොලිස් වෙඩි පහරින් පුද්ගලයන් 4 දෙනෙකු මියගොස් ඇති බවයි විදෙස් පුවත් සේවා කියාසිටියේ.

ආරක්ෂක අංශ ජනතාවට උපදෙස් ලබාදී ඇත්තේ නැවත දැනුම්දෙන තෙක් මාර්ගවලට නොපැමිණ නිවෙස්වල රැඳී සිටින ලෙසටයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories