පොලොන්නරුව ඓතිහාසික වටදාගයේ කළු දිලීරයක් පැතිරෙයි (ඡායරූප)

Friday, 18 August 2017 - 11:32

%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%BB%E0%B7%94%E0%B7%80+%E0%B6%93%E0%B6%AD%E0%B7%92%E0%B7%84%E0%B7%8F%E0%B7%83%E0%B7%92%E0%B6%9A+%E0%B7%80%E0%B6%A7%E0%B6%AF%E0%B7%8F%E0%B6%9C%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9A%E0%B7%85%E0%B7%94+%E0%B6%AF%E0%B7%92%E0%B6%BD%E0%B7%93%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B6%BB%E0%B7%99%E0%B6%BA%E0%B7%92+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
පොලොන්නරුව ඓතිහාසික වටදාගෙයි කළු පැහැති දිලීර වර්ගයක් මතුව ඇති බව වාර්තාවනවා.

මේ අනුව වටදාගෙයි ඇති ඉපැරණි කැටයම් මත මෙම දිලීරය ව්‍යාප්ත වී ඇති අතර එය ඉවත් කොට සංරක්ෂණය කිරීමේ වැඩ පිළිවෙලක් පුරා විද්‍යා දෙපාර්තුමේන්තුව මගින් මේ වන විට ක්‍රියාත්මක කර ඇති බවයි අප වාර්තාකරු පවසන්නේ.

ඉකුත් දහ හතර වැනිදා එහි සංරක්ෂණ කටයුතු ආරම්භ කල බවත් රසායනික ද්‍රවය භාවිතයෙන් තොරව ජලය යොදා කළු පැහැති එම දිලීර වර්ගය ඉවත් කරන බවත් ව්‍යාපෘතියය භාර නිලධාරියෙකු සදහන් කළා.

මේ අතර වටදාගෙය ආසන්නයේ ඇති පොළොන්නරුවේ ඉපැරණි බෝසත් පිලිමයේද මෙම දිලීරය හට ගෙන ඇති බවත් එය සංරක්ෂණය කිරීමේ කටයුතු ඉදිරියේදී සිදු කරන බවත් එම නිලධාරියා වැඩි දුරටත් සදහන් කළා.


පොළොන්නරුව - රොෂාන් තුෂාර තෙන්නකෝන්


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories