Update :- රයන් ජයලත් 23 දක්වා රිමාන්ඩ්

Friday, 18 August 2017 - 12:08

Update+%3A-++%E0%B6%BB%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A2%E0%B6%BA%E0%B6%BD%E0%B6%AD%E0%B7%8A+23+%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A
වරෙන්තු ලබා සිටි, වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැඳවුම්කරු රයන් ජයලත් මේ මස 23 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

ඒ, ඔහු නීතිඥයෙකු මාර්ගයෙන් කොළඹ - මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වීමෙන් අනතුරුවයි.

රයන් ජයලත් ඇතුළු සිසුන් 05 දෙනෙකු වහාම අත්අඩංගුවට ගන්නා ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න පොලිසියට පසුගිය 10 වනදා නියෝග කළා.

ඒ මහජන පීඩා සිදුවන ආකාරයෙන් උද්ඝෝෂණයේ නිරත වීම පිළිබද කොල්ලූපිටිය පොලීසිය අධිකරණයේ ගොනු කර ඇති නඩුවක් කැදවූ අවස්ථාවේදීයි.

එමෙන්ම, විද්වත් වෘත්තිකයන්ගේ සංගම් ශාලාවේ පිහිටි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගම් කාර්යාලයේ පැවති සයිටම් විරෝධී ජන පවුර පසුගිය ජුලි මස 20 වනදා සංවිධාන කළ රැස්වීමකට සහභාගි වී ඉන් පිටතට පැමිණි අවස්ථාවේදී වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැදවුම්කරු රයන් ජයලත්, අත්අඩංගුවට ගැනීමට සුදු වෑන් රථයකින් පැමිණි පොලීසියේ පිරිසක් උත්සාහ කිරීම සම්බන්ධයෙන් ද දැඩි සංවාදයක් මතු වුණා.

එය ව්‍යර්ථ වුණේ වෛද්‍යවරුන් සහ එහි සිටි පිරිසක් ඊට මැදිහත්වීම හේතුවෙන්.

මේ අතර, මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය කිසි දිනෙක රජයට පවරා නොගන්නා බව උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල ප්‍රකාශ කළා. ඒ, වව්නියාවේ ඊයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින්.

මේ අතර, 15 වරටත් මැලේසියාවේ පැවති අන්තර් වෛද්‍ය පීඨ කායික විද්‍යාව සඳහා වන ලෝක ශූරතා දැනුම මිනුම තරඟාවලියේදී ලොව වෛද්‍ය පීඨ 106 ක් අතුරෙන් ප්‍රථම ස්ථානය දිනා ගැනීමට කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය කණ්ඩායම සමත් වී තිබෙනවා.

එමෙන්ම, එම තරඟාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයටත්, පස්වන ස්ථානය කැළණිය විශ්වවිද්‍යාලයේ රාගම වෛද්‍ය පීඨ ශිෂ්‍ය කණ්ඩායමත් හිමිකරගෙන තිබීම විශේෂත්වයක්.

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය කොළඹදී අද මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා.



Update :- Friday, August 18, 2017 21.31 Pm
--------------------------------------------------------------

වෛද්‍යපීඨ ශිෂ්‍ය කමිටුවේ කැඳවුම්කරු රයන් ජයලත් අධිකරණයට භාර වීම සඳහා මේවන විට මාලිගාකන්ද මහේස්ත්‍රාත් උසාවිය වෙත පැමිණ තිබෙනවා.

ඒ, සිය නීතිඥවරුන් ද සමගින්.

අධිකරණයේ පෙනී නොසිටි වෛද්‍යපීඨ ශිෂ්‍ය කමිටුවේ කැඳවුම්කරු රයන් ජයලත් ඇතුළු 05 ක් අත්අඩංගුවට ගන්නැයි පසුගිය 10 වන දා වරෙන්තු නිකුත් කරනු ලැබුවා.

වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැදවුම්කරු ලෙස කටයුතු කරන රයන් ජයලත් මීට පෙර කොළඹ විද්වත් වෘත්තිකයන්ගේ ශාලා පරිශ්‍රයේ දී අත්අඩංගුවට ගැනීමට යාමේ දී උණුසුම් තත්වයක් ඇති වුණා.

ඒ, සුදු වෑන් රියකින් පැමිණි සිවිල් ඇඳුමින් සැරසුන පොලිස් නිලධාරීන් පිරිසක් ඔහුව බලහත්කාරයෙන් රැගෙන යාමට උත්සහ කිරීම හේතුවෙන්.

එහි සිටි ජනතා විමුක්ති පෙරමුණ, පෙරටුගාමී සමාජවාදී පක්ෂය, ඇතුළු දේශපාලන පක්ෂ නියෝජිතයන් සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මෙන්ම සිසුන් මැදිහත් වී එම රැගෙන යාම වැලැක්වූ අතර පසුව පොලිසිය භාර  නීතිය, සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක ඒ සම්බන්ධයෙන් පොලිස්පති පූජිත් ජයසුන්දරගෙන්  වාර්තාවක් කැඳවා තිබුණා.

අත්අඩංගුවට ගැනීමට යාමේ සිද්ධිය සහ එම අවස්ථාවේ පොලීසිය විසින් අනුගමනය කළ ක්‍රමවේදය පිළිබඳවයි මෙම වාර්තාව කැඳවා තිබුනේ.

අනතුරුව විවිධ උද්ඝෝෂණ හා රැස්වීම්වල රයන් ජයලත් සිටිනු දක්නට ලැබුනා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories