අවුරුදු තුනේ සහ හතරේ දැරියන් දෙදෙනෙක් දූෂණයකර මරා දැමූ පුද්ගලයාට ලැබුණු දඬුවම (ඡායාරූප)

Friday, 18 August 2017 - 13:46

%E0%B6%85%E0%B7%80%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B7%94+%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%9A+%E0%B7%83%E0%B7%84+%E0%B7%84%E0%B6%AD%E0%B6%BB%E0%B7%9A+%E0%B6%AF%E0%B7%90%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AF%E0%B7%96%E0%B7%82%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B6%BB+%E0%B6%B8%E0%B6%BB%E0%B7%8F+%E0%B6%AF%E0%B7%90%E0%B6%B8%E0%B7%96+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%8F%E0%B6%A7+%E0%B6%BD%E0%B7%90%E0%B6%B6%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%AF%E0%B6%AC%E0%B7%94%E0%B7%80%E0%B6%B8+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
අවුරුදු 04ක සහ අවුරුදු 03ක දැරියන් දෙදෙනෙක් පැහැරගෙන ගොස් දූෂණයකර මරා දැමූ සැකකරුවන් දෙදෙනෙකුට ලබා දුන් දඬුවමක් පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

යේමනයේ, සානා ප්‍රදේශයේ දී අදාල දැරියන් දෙදෙනා පැහැරගෙන ගොස් මෙලෙස ඝාතනය කර ඇති බවයි වාර්තා වන්නේ.

Muhammad al Maghrabi නැමැති 41 හැවිරිදි සැකකරුවෙකුට සහ 25 හැවිරිදි Hussein al-Saket නැමැති සැකකරුවෙකුට මෙලෙස දඬුවම් ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ යේමනයේ අග නගරයේදී ඊයේ, Muhammad al Maghrabi නමැති සැකකරුගේ හිසට වෙඩි තබා හිස සුන් මළ සිරුර මහජනයාට දර්ශනය වන අයුරින් දොඹකරයක එල්ලා ඇති බවයි.

මෙම සැකකරුට දඬුවම් ලබා දීමට සති කිහිපයකට පෙර 25 හැවිරිදි අනෙක් සැකකරුට මේ ආකාරයෙන්ම හිසට වෙඩි තබා ඝාතනය කර එල්ලා තිබෙනවා.

මීට වසර එක හමාරකට පෙර නිවසේ සිටි දැරියන් දෙදෙනා අතුරුදන්ව ඇති අතර පසුව දෙමව්පියන් විසින් ඔවුන් දෙදෙනා සෙවීමේ කටයුතු ආරම්භ කර ඇති බව සඳහන්.

ඒ සඳහා සහය වීමට 41 හැවිරිදි Muhammad al Maghrabi නැමැති සැකකරුවාද පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

එම සෝදිසි කිරීම් වලදී ඝාතනයට ලක් වූ දැරියකගේ ඇඳුමක කොටසක් හමුවී ඇති අතර පසුව දැරිය සෙවීම සඳහා සම්බන්ධ වූ සැකකරු එම ස්ථානයෙන් පලා ගොස් තිබෙනවා.

එහිදී එම පුද්ගලයා සම්බන්ධයෙන් සැකසිතී ඔහු පිළිබඳව ආරක්ෂක අංශ වෙත දැනුම් දීමෙන් අනතුරුව ඔහුව අත්අඩංගුවට ගෙන ඇති අතර එහිදී ඔහු සිදුවීමට අදාල සියලු තොරතුරු අනාවරණය කර ඇති බව සඳහන්.

පසුව Muhammad al Maghrabi නමැති 41 හැවිරිදි සැකකරුට ඊයේ දිනයේදී මෙලෙස දඬුවම් පමුණුවා ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.

දූෂණයකර ඝතනයට ලක්වූ මෙම දැරියන් දෙදෙනාගේ මව්පියන් පවසන්නේ දුෂකයන්ට දඬුවම් ලබා දීම සම්බන්ධයෙන් රජයට ස්තූතිවන්ත වන බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories