විගනකාධිපති, 19 සහ පනත අතර සිරවෙයි

Friday, 18 August 2017 - 18:45

%E0%B7%80%E0%B7%92%E0%B6%9C%E0%B6%B1%E0%B6%9A%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%2C+19+%E0%B7%83%E0%B7%84+%E0%B6%B4%E0%B6%B1%E0%B6%AD+%E0%B6%85%E0%B6%AD%E0%B6%BB+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
විගණන පනත සම්මත නොවීමට හේතුවෙන් තම දෙපාර්තමේන්තුවේ වැඩකටයුතුවලට දැඩි බාධා එල්ල වී ඇති බව විගනකාධිපති ගාමිණී විජේසිංහ ප්‍රකාශ කළා.

ඔහු මේ බව කියා සිටියේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

‘‘19 වන ව්‍යවස්ථා සංශෝධනය නිසා මේ පැවරි තිබෙන බලතලවලට අලූත් මුහුණුවරක් ලැබුනා. 19 ව්‍යවස්ථා සංශෝධනය ඇවිල්ලා දැන් අවුරුදු දෙක හමාරට කිට්ටු වෙන්න ආවා. නමුත් තාම මේ අනුශාංගික කියන මේ විගණන පනත තාම එලියට ඇවිල්ලා නෑ. ඉතින් ඒ නිසා වෙලා තියෙන්නේ 19 වන සංශෝධනය යටතේ තියෙන මේ විගණනයට ලබා දෙන  අතිරේක ශක්තිය සම්පුර්ණයෙන්ම අක්‍රිය මට්ටමකට තමයි ඒ නිසා අද පවතින්නේ. ඒ හේතුව විගණන පනත සම්මත නොවීම විගණන පනත සම්මත නොවීමට ප්‍රධාන හේතුව මොකක්ද කියන කාරණය සාකච්ජා කරන කොට අපිට දැනෙන කාරණය තමයි මේක ඇතුලේ තියෙන මේ අධිභාර බලතල කියන කාරණය. මේ විගණනය අධිභාරය සම්බන්ධයෙන් තියෙන කාරණයට තද බල විරෝධයක් ඇවිල්ලා තියෙනවා. හැබැයි ඒ එන්න ප්‍රධාන හේතුව මේ කාරණය සම්බන්ධයෙන් තියෙන අපැහැදිලිකම කියන එක අපි තේරුම් ගත්තා. එතකොට මේ පනතේ සාකච්ජා කරන්නේ ඇත්ත වශයෙන්ම වෙලා තියෙනව නම් ඒ අලාභය නැවත අරගෙන ආපහු රජයට අය කරගැනිම කියන කාරණය.’’

පවතින ගැටළු පිළිබදව ඔහු තවදුරටත් මෙලෙස කරුණු පැහැදිලි කළා.
 
‘‘විගණාකාධිපති දෙපාර්තමේන්තුව තිබුන විදියට තිබුන නම් මේ වැඩ ටික කරගෙන යන්න පුලූවන්. 19 වැනි සංශෝධනයෙන් සම්පූර්ණයෙන් මේක වෙනස් කරලා දැන් විගණකාධිපති දෙපාර්තමේන්තුව තිබුන තැනිනුත් යන්න විදියක් නැතුව තියෙන්නේ. මොකද දැන් එහාටත් නෑ. මෙහාටත් නෑ. මොකද දැන් පනත නැති නිසා. ඉතින් ඒ නිසා ඉතාමත් ටයට් තත්ත්වෙක තමයි අද විගණාකාධිපති දෙපාර්තමේන්තුව තියෙන්නේ. විගණාකාධිපති දෙපාර්තමේන්තුවේ ඉන්න  ඕනේ නියෝජ්‍ය විගණකාධිපතිවරු 15දෙනෙක් ඉන්න  ඕන. අද එක්කෙනයි ඉන්නේ. එතකොට අද අනිත් 14 දෙනාගේම වැඩ කරන්න වෙලා තියෙන්නේ. මොකද මේ ප්‍රශ්නත් එක්ක මේ අලූතෙන් ප්‍රමෝෂන් දෙන්න මෙගොල්ලන්ගේ පඩි ප්‍රශ්න මේ ගොඩාක් දේවල් තියෙනවා. අලූත් ව්‍යවස්ථාවක් හදාගන්න මේ මොකක්වත් කරගන්න බැරි තත්ත්වෙකට පත්වෙලා තියෙන්නේ. අද වෙනකම් පාර්ලිමේන්තුවට මේ පනත ඇවිල්ලා නෑ. අපි කියන්නේ මේක ගැසට් කරන්න කියලා. ගැසට් කරයින් පස්සේ  ඕනැම දෙයක් තියෙන දෙයක් මේකේ වෙනස් කරගන්න පුලූවන්. හොද නැත්නම් මේකත් අයින් කරන්නත් පුලූවන්. මොකද මේවා සිම්පල් මැජිරොටි එකෙන් සම්මත වෙන්න තියෙන පනත් නිසා යම් කිසි ප්‍රශ්නයක් තියෙනවනම් එක වෙනස් කරගන්නත් පුලූවන්. හැබැයි තියෙන ක්‍රමයේ අඩුපාඩු තියෙනවා කියන එක වඩාත් පැහැදිලියි.  එහෙනම් අලූත් දෙයක් අපි අත්හදා බැලිය යුතුයි කියන කාරණය තමයි ඉන්නේ මොකද රාජ්‍ය සේවයේ මේ අවභාවිතාවන් නතර කිරිම සදහා මොකක් හරි වැඩ පිලිවෙලක් අතවශ්‍ය වෙලා තියෙන නිසා.’’



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories