මූල්‍ය විශුද්ධිකරණය අතින් ඉරානය සහ ඇෆ්ගනිස්ථානය පෙරමුණේ

Saturday, 19 August 2017 - 14:33

%E0%B6%B8%E0%B7%96%E0%B6%BD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B6%85%E0%B6%AD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B6%BB%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA+%E0%B7%83%E0%B7%84+%E0%B6%87%E0%B7%86%E0%B7%8A%E0%B6%9C%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B6%B8%E0%B7%94%E0%B6%AB%E0%B7%9A
මුදල් විශුද්ධිකරණය හා ත්‍රස්තවාදී කටයුතු වලට මුදල් සැපයීම සම්බන්ධයෙන් ලොව වඩාත්ම අවදානම් සීමාවේ පවතින රටක් ලෙස ශ්‍රී ලංකාවල ජාත්‍යන්තර සමීක්ෂණ ආයතනයක් විසින් නම් කර තිබෙනවා.

අදාල ආයතනය එම වර්ගී කරණය සිදු කර ඇත්තේ, ඔවුන් විසින් නිකුත් කරන වාර්ශික වාර්තාවකින්.

ස්විට්සර්ලන්තයේ බැසෙල් නගරය කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක වන "පාලනය පිළිබඳ බැසෙල් ජාත්‍යන්තර ආයතනය" මුදල් විශුද්ධිකරණය හා ත්‍රස්ත ක්‍රියා සඳහා මුදල් සපයන රාජ්‍යන් පිළිබදව සමීක්ෂණ සිදු කරණ ස්වාධින ආයතනයක්.

2012 වසරේ සිට සෑම වසරකම ඔවුන් සිය සමීක්ෂණ සිදු කරන අතර, 2017 සමීක්ෂණය සඳහා යොදාගෙන ඇති රටවල් ගණන 146ක්.

විවිධ දූෂණ ක්‍රියාමගින් උපයාගන්නා කළු සල්ලි විවිධ රටවල සහ විවිධ ආයතනයන්හි ආයෝජනය කර සුදු සල්ලි බවට පරිවර්තනය කිරීම මුදල්
විශුද්ධිකරණය යටතේ ප්‍රධාන වශයෙන් සිදුවනවා.

විනිවිද භාවයෙන් තොර වීම, දැනුවත්ව සිදු කරන වංචා - දුෂන, දුර්වල මුල්‍ය කළමනාකරණය, දේශපාලනයේ දුර්වලතා හා නීතියේ ආධිපත්‍ය පිරිහීම යන කාරණා, මෙම සමීක්ෂණයේදී නිර්ණායක ලෙස යොදාගන්නා අතර මෙවැනි තත්ත්වයන් බහුල රටවල් සලකන්නේ අධි අවධානම් රටවල් ලෙසයි.

ඒ අනුව මුදල් විශුද්ධිකරණයේ අධිඅවධානම් රටවල් අතුරින් පළමු ස්ථානයට පත්ව ඇත්තේ ඉරානයයි.

දෙවන හා තෙවන ස්ථාන ඇෆ්ගනිස්තානයට හා ගිනිබිසව් රාජ්‍යයට හිමිව තිබෙනවා.

එම වර්ගීකරණයේ ශ්‍රී ලංකාව 25 වන ස්ථානයේ පිහිටා ඇති අතර, පාලනය පිළිබඳ බැසෙල් ජාත්‍යන්තර ආයතනය නම් කර ඇති දකුණු ආසියාවේ අධි අවධානම් රටවල් තුන අතරට ද ශ්‍රී ලංකාව අයත්.

ශ්‍රී ලංකාවට ඉහලින් පවතින දකුණු ආසිනායු රටවල් වන්නේ නේපාලය හා ඇෆ්ගනිස්තානයයි.

කෙසේවෙතත් අදාල ආයතනය විසින් 2016 වසරේ නිකුත් කර ඇති වාර්තාවට අනුව ශ්‍රී ලංකාව 23 වන ස්ථානයේ පසුවන අතර 2015 වසරේ 51 වැනි ස්ථානය හිමිකර ගෙන තිබුණා.

පාලනය පිළිබඳ බැසෙල් ජාත්‍යන්තර ආයතනය මෙම වර්ගීකරණය සඳහා සීෂෙල්ස් රාජ්‍ය සහ තවත් රාජ්‍ය දෙකක් යොදාගෙන නොමැති අතර ඊට හේතු වී ඇත්තේ අදාළ රාජ්‍යයන් විසින් තොරතුරු ලබාදීමට මැලිවීම ඇතුළු කාරණා කිහිපයක්.

එම වාර්තාවේ පහලින්ම ෆින්ලන්තය පිහිටා ඇති අතර අමෙරිකාව ප්‍රමුඛ යුරෝපීය රටවල්ද මුදල් විශුද්ධිකරණය සමබන්ධ පහළ මට්ටමක සිටින රටවල් ලෙස
හදුන්වා තිබෙනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories