යතුරුපැදි අනතුරුවලින් තරුණයන් දෙදෙනෙකු මරුට

Saturday, 19 August 2017 - 16:01

%E0%B6%BA%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%B4%E0%B7%90%E0%B6%AF%E0%B7%92+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
හම්බන්තොට - අන්දරවැව - මත්තල පැරණි මාර්ගයේ වැව් බැම්ම අසලදී ඊයේ සිදුවු රිය අනතුරකින් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ ට්‍රැක්ටරයක් සහ යතුරුපැදියක් ගැටී මෙම අනතුර සිදුව ඇති බවයි.

අනතුරෙන් තුවාල ලැබූ යතුරුපැදිකරු හම්බන්තොට රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ට්‍රැක්ටර් රථයේ රියදුරා අනතුරෙන් පසුව පළාගොස් ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් හම්බන්තොට පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

මේ අතර ඊයේ රාත්‍රී ගිරිඋල්ල ප්‍රදේශයේදී යතුරුපැදියක් මාර්ගයෙන් ඉවතට පැන දුරකථන රැහැන් කණුවක ගැටී සිදුවු අනතුරකින් තරුණයෙකු ජීවිතක්ෂයට පත්වුනා.

මියගොස් ඇත්තේ 27 හැවිරිදි තරුණයෙක්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories