ඉන්දියාවේ දුම්රිය අනතුරකින් 23 දෙනෙකු මරුට (ඡායාරූප)

Sunday, 20 August 2017 - 7:33

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+23+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
ඉන්දියාවේ මගී දුම්රියක් පීලිපැනීමට ලක්වී සිදු වූ අනතුරකින් පුද්ගලයන් 23 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

දකුණු දිග ඔඩීෂා ප්‍රාන්තයේ පූරි සිට ඊසානදිග ඉන්දියාවේ උත්තරාඛාන්ද් ප්‍රාන්තයේ හරිද්වාර් වෙත ගමන්ගත් උත්කාල් එක්ස්ප්‍රස් දුම්රියයි මෙලෙස අනතුරට ලක්වූයේ.

පැය 36 ක දුම්රිය ගමනක යෙදී සිටි මගීන් මෙම අනතුරට මුහුණ දුන්නේ ඊයේ සන්ධ්‍යාවේ නවදිල්ලි නගරයට කිලෝමීටර් 100 ක් පමණ ඈතින් පිහිටි කවුටාලි ප්‍රදේශයේදීයි.

දුම්රිය මැදිරි එකිනෙක මත පෙරලී ඇති අයුරු ඉන්දීය රූපවාහිණි සේවා මගින් විකාශය කළ අතර, අසල පිහිටි නිවසකටද හානි සිදුව ඇති බව සඳහන්.

අනතුරට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.

දුම්රිය මැදිරි 23 කින් 14 ක් පීලි පැනීමට ලක්ව තිබෙනවා.

විශාල ශබ්දයක් සමඟ දුම්රිය පීලිපැනීමට ලක්වූ බවයි ඇසින් දුටුවන් ප්‍රකාශ කළේ.

අනතුරට ලක්වූවන් වෙනුවෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ට්විටර් පණිවුඩයක් මගින් කණගාටුව පළ කළා.

මෙම අනතුර පිළිබඳ විශේෂ විමර්ශණයක් ආරම්භ කරන ලෙසටයි ඉන්දීය ප්‍රවාහන අමාත්‍ය සුරේෂ් ප්‍රභූ නියෝග කර ඇත්තේ.

උත්තර් ප්‍රදේශ් ප්‍රාන්ත ප්‍රධාන අමාත්‍යවරයා ඇතුලු මැති ඇමතිවරුන් ද අනතුර සිදුවු ස්ථානයට ගොස් සහන සේවාවලට සහය ලබාදී තිබෙනවා.

මියගිය අයෙකු වෙනුවෙන් රුපියල් තුන්ලක්ෂ 50,000 ක් සහ බරපතල තුවාල ලැබූවන්ට රුපියල් 50,000 බැගින් පිරිනමන බවයි ඉන්දීය දුම්රිය සේවය නිවේදනය කළේ.

ඊට අමතරව උත්තර් ප්‍රදේශ සහ ඔඞීෂා ප්‍රාන්ත රජයන් මගින්ද අනතුරට පත්වූවන්ට වන්දි පිරිනමනු ඇති.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories