ඉල්ලා අස්වෙන්නේ නැහැ - ඇමති විජේදාසගෙන් ප්‍රකාශයක්

Sunday, 20 August 2017 - 7:47

%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F+%E0%B6%85%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90+-+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B7%80%E0%B7%92%E0%B6%A2%E0%B7%9A%E0%B6%AF%E0%B7%8F%E0%B7%83%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B7%8F%E0%B7%81%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට තමන්ට කිසිදු හේතුවක් නොමැති බව අධිකරණ හා බුද්ධශාසන අමාත්‍ය විජේදාස රාජපක්ෂ පවසනවා.

මල්වතු මහ විහාරයේ ඊයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.

එක්සත් ජාතික පක්ෂ පසුපෙළ මන්ත්‍රීවරුන් ඔහුට එරෙහිව නගන චෝදනා සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් විමසූ අවස්ථාවේදී ඔහු කියා සිටියේ එම චෝදනා සියල්ල අසත්‍ය සහ ද්වේශසහගත ඒවා බවයි.

තමන් දේශපාලනයට පැමිණියේ ජනතාවට ඇති ආදරය හේතුවෙන් බවත්, තමන් සමග ජනතාව සිටින බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories