සංවිධානාත්මක ලෙස සොරකම් සිදුකළ කණ්ඩායමක් අත්අඩංගුවට (ඡායාරූප)

Sunday, 20 August 2017 - 15:47

%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B7%92%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E0%B6%B8%E0%B6%9A+%E0%B6%BD%E0%B7%99%E0%B7%83+%E0%B7%83%E0%B7%9C%E0%B6%BB%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%9A%E0%B7%85+%E0%B6%9A%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
සංවිධානාත්මක ලෙස සොරකම් සිදුකරන කණ්ඩායමක සාමාජිකයින් 08 දෙනෙක් අත්අඩංගුවට ගැනීමට දඹුල්ල පොලිසිය සමත්ව තිබෙනවා.

මොවුන් යතුරුපැදි සොරකම්කර ඒවායින් විවිධ ප්‍රදේශවලට ගොස් කාන්තාවන්ගේ ගෙළ බැඳි රන්මාල කඩා ගන්නා බවටයි තොරතුරු වාර්තා වන්නේ.

පසුව මොවුන් විසින් සොරකම් කරන ලද යතුරුපැදි කොටස් කර අලෙවි කරන බව සදහන්.

අත්අඩංගුවට පත් සැකකරුවන් අතර කාන්තාවක් සහ 15 හැවිරිදි පාසල් සිසුවෙක්ද සිටින බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

අත්අඩංගුවට පත් කල්ලියේ ප්‍රධාන සැකකරු පොලිසිය හමුවේ පවසා ඇත්තේ මේ දිනවල පාසල් නිවාඩුව ලබා දී ඇති බැවින් 15 හැවිරිදි පාසල් සිසුවා සොරකම් සඳහා හවුල් කරගන්නා බවයි.

කාන්තාව සහ ප්‍රධාන සැකකරු දිවයිනේ විවිධ පළාත්වලට ගොස් යතුරුපැදි සොරා ගන්නා අතර සොරා ගන්නා යතුරුපැදිය කුමන වර්ගයකට අයත් වුවත් රුපියල් 20000කට තවත් කණ්ඩායමකට විකිණීම සිදුකරන බවට පොලිසිය විසින් තොරතුරු අනාවරණය කරගෙන තිබෙනවා.

එම කණ්ඩායම ගලේවෙල, බුලනවැව, නෑගම්පහ සහ දේවහුව ප්‍රදේශවල දී ඒවා කොටස් කර එන්ජින් සහ චැසි අංක වෙනස් කර අලෙවි කිරීම සිදුකරන බව පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය කරගෙන ඇති බව සඳහන්.

මොවුන් විසින් දඹුල්ල සහ කුරුණෑගල ප්‍රදේශවලදී සොරා ගන්නා ලද යතුරුපැදි 05ක් සහ කොටස් කර ඇති යතුරුපැදි කීපයක කොටස් මෙන්ම අංක වෙනස් කිරීමට යොදා ගන්නා සියුම් උපකරණ තොගයක් ස්ථාන කීපයක දී සොයා ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මීට අමතරව කඩා ගන්නා ලද රන්මාල උකස් කල රිසිට් පත් රැසක්ද හමුවී තිබෙනවා.

අත්අඩංගුවට ගෙන ඇති ප්‍රධාන සැකකරු 27 හැවිරිදි එක්දරු පියෙක් වන අතර අත්අඩංගුවට ගත් කාන්තාව ඔහුගේ බිරිඳ බවටයි වාර්තා වන්නේ.

මොවුන් කලාවැව, විජිතපුර ප්‍රදේශයේ පදිංචි කරුවන් වන අතර 15 හැවිරිදි පාසල් සිසුවා තංගල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව සඳහන්.

එම සිසුවා ප්‍රධාන සැකකරුගේ බිරිඳගේ ඥාතී දරුවෙකු වන අතර සෙසු සැකකරුවන් බුලනවැව, කුරුණෑගල, දේවහුව සහ නෑගම්පහ යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි වාර්තාවන්නේ.

ප්‍රධාන සැකකරු වන කාන්තාවගේ සැමියා මත්කුඩු වලට විශාල වශයෙන් ඇබ්බැහිවී සිටින අයකු බවත් දිනකට මත්කුඩු පානය සදහා රුපියල් 15000ක පමණ මුදලක් වියදම් කරන බව ඔහු පොලිසිය හමුවේ පාපොච්චාරණය කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් දඹුල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.

 


ඡායාරූප - දඹුල්ල, කාංචන කුමාර



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories